Categories

SIM එකක් නැතුව ලොග් වෙන්න telegram ගෙන් feature එකක්..!

 

මෙම නව යාවත්කාලීනය තවත් සැලකිය යුතු එකතු කිරීම් කිහිපයක් ද ගෙන එයි.

Telegram හි නවතම යාවත්කාලීනය මගින් ඔයාට සිම් කාඩ්පතක් නොමැතිව telegram සදහා ලියාපදිංචි ⁣වෙන්න ඉඩලබාදෙනවා.

වට්ස්ඇප් වලට පෙර multi account support, channel හා තවත් විශේෂාංගයන් telegram තුලට ගෙන එමින් ඒ සදහා විශේෂ කීර්තියක් ලබා තිබූ ටෙලිග්‍රෑම් දැන් පුද්ගලිකත්වය පිලිබද දැනුවත් පරිශීලකයන් සදහා මෙම යාවත්කාලීනය නිවේදනය කර තිබෙනවා.

කෙසේ නමුත් මේ සදහා අවශ්‍ය අංකය ලබාගැනීමට ඔබට Fragment platform එකෙන් දුරකථන අංකයක් මිලදී ගැනීමට අවශ්‍ය වනවා.
එලෙසම මෙම නිර්නාමික අංක භාවිතා කල හැකිවන්නේ ද telegram සමග පමණයි.

මෙම විශේශ යාවත්කාලීනය සමගින් තවත් ⁣යාවත්කාලීනයන් රැසක් එකතු කර ඇති අතර
සියලු නව කතාබස් ස්වයංක්‍රීයව මකාදැමීමේ විශේෂාංගය, ගෘප් සදහා වැඩිදියුණු කල මාතෘකා විශේෂාංගය, group සදහා “aggressive anti-spam” විශේෂාංගය හා username හො phone number එකක් නොමැතිව පුද්ගලයින්ට ඔබව add කල හැකි තාවකාලික QR code එකක් නිර්මාණය කිරීමද මෙයට ඇතුලත්.

අවසාන වශයෙන් ඔබට chat එකක storage usage එක බැලීමට මෙන්ම චැට් එකකින් සියලු මාධ්‍ය වර්ග මකා දැමිය හැකි වනවා. ( චැට් එකක සියලුම වීඩියෝ මකා දැමීම.)

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.