Categories

මිලියන 500ක Whatsapp පරිශීලක වාර්තා කාන්දුවක්..! නොදන්නා දුරකථන ඇමතුම්, පණිවිඩ වලින් ප්‍රවේශම් වන්න.

නොවැම්බර් 16 වන දින, හැකර්වරයෙකු සුප්‍රසිද්ධ හැකර් community forum එකක දැන්වීමක් පළ කර තිබුණේ, ඔහු වට්ස්ඇප් පරිශීලක ජංගම දුරකථන අංක මිලියන 487 ක 2022 දත්ත ගබඩාවක් විකුණන බව පවසමින්.

දත්ත කට්ටලයේ රටවල් 84ක WhatsApp පරිශීලක දත්ත අඩංගුව තිබූ අතර එහි එක්සත් ජනපදයේ පමණක් වාර්තා මිලියන 32කට අධික ප්‍රමාණයක් ද
ඊජිප්තුව (මිලියන 45), ඉතාලිය (මිලියන 35), සෞදි අරාබිය (මිලියන 29), ප්‍රංශය (මිලියන 20), සහ තුර්කිය (මිලියන 20) යන රටවල පුරවැසියන්ට අයත් වන තවත් විශාල දුරකථන අංක ප්‍රමාණයක් ද එහි ඇතුලත්.

හැකර්වරයා සයිබර් නිවුස් වෙත පැවසා තිබුනේ  ඔහ එක්සත් ජනපද දත්ත කට්ටලය ඩොලර් 7,000 කට, එක්සත් රාජධානිය – ඩොලර් 2,500 සහ ජර්මනිය – ඩොලර් 2,000 ක මුදලකට විකුණන බවයි.

මෙවැනි තොරතුරු පරිශීලකයන් හට spam හා අනෙකුත් ප්‍රහාර සදහා භාවිතා කරන බැවින් නොදන්නා අංක, අනවශ්‍ය ඇමතුම් සහ පණිවිඩ වලින් ලැබෙන ඕනෑම ඇමතුමක් ගැන පරිස්සම් වන්න.

ඉල්ලීම මත, WhatsApp හි දත්ත ගබඩාවේ විකුණුම්කරු Cybernews පර්යේෂකයන් සමඟ දත්ත නියැදියක් බෙදා ගත් අතර හවුල් සාම්පලයේ UK 1097ක් සහ US පරිශීලක අංක 817ක් ඇතඅලත් වුනා.

සයිබර් නිවුස් සාම්පලයේ ඇතුළත් සියලුම අංක විමර්ශනය කළ අතර ඒ සියල්ල ඇත්ත වශයෙන්ම WhatsApp භාවිතා කරන්නන් බව තහවුරු කිරීමටත් සමත් වුනා.

විකිණුම්කරු ඔවුන් දත්ත සමුදාය ලබා ගත් ආකාරය සඳහන් නොකළ අතර, ඔවුන් දත්ත රැස් කිරීම සඳහා “ඔවුන්ගේ උපාය භාවිතා කළ” බව පවසා තිබුණා.

Cybernews විසින් WhatsApp හි මව් සමාගම වන Meta වෙත දැන්වූ  නමුත් ක්ෂණික ප්‍රතිචාරයක් ලැබී තිබුනේ නැහැ.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.