Categories

Meet Your New Assistant: Meta AI, Built With Llama 3

ChatGPT ,Bard, Copilot අතර තිබුණු AI chatbot Competition එකට අලුතෙන්ම බැහැපු AI chatbot එකක් තමා මේ Meta AI කියන්නේ.

AI chatbot කිව්වට Meta AI ඇත්තටම එළියට එන්නෙ AI assistant කෙනෙක් විදියට සහ වෙනමම හදලා තියෙන Llama 3 සහිත Chatbot එකක් විදියට.

ඒ කියන්නේ Meta විසින් ඔවුන්ගේ Facebook, Instagram වගේම Whatsapp කියන Social media වලට මේ Meta AI එක AI assistant කෙනෙක් විදියට link කරලා තියෙනවා කියන එක.

දැනට ලංකාවට නැති උනාට Meta විසින් දැනටමත් Social Meadia වලට link කරපු AI assistant සහ Meta AI chatbot කියන දෙකම ඇමරිකාව, සිංගප්පූරුව ඇතුළු රටවල් කිහිපයකටම access ලබා දීලා ඉවරයි.

Meta Social media Platform with Meta AI

Meta AI: The new ChatGPT rival was trained on your sh*tposts | Mashable

Meta විසින් එළිදක්වපු නවතම Meta AI Assistant එක Social Media වල Feed, chat, search තුළ ඇතුළත් කරලා තියෙනවා. Meta AI මේ AI Assistant ගැන සඳහන් කරලා තිබුණේ, පරිශීළකයින් භාවිතා කරන Apps වලින් ඉවත් නොවීම ඔවුන් භාවිතා කරන social media තුළ දකින දේවල් වල real time Information ලබා ගැනීමට මේ හරහා පුලුවන් කියලයි.

පහළ තියෙන්නෙ Meta web එකේ ඇතුළත් කරලා තිබුණු AI Assistant in social media video clip කිහිපයක්. (check our website article )

Animation showing an Instagram group chat using Meta AI to recommend a picnic spot Animation showing Meta AI in Facebook FeedAnimation showing images appearing as you type using Meta AI's Imagine feature in a WhatsApp chat

 

 

Meta AI Chatbot with Llama 3

Meta AI assistant අමතරව Meta විසින් එළිදක්වපු එකක් තමා Meta AI chatbot. ඉතින් assistant feature වගේම මේ Chatbot එකත් දැනට සීමිත රටවල් ප්‍රමාණයකට පමණයි නිකුත් කරලා තියෙන්නේ. ඔයාලට පුලුවන් VPN හරහා Meta Chatbot Access කරන්න.

මේ Chatbot එකේ තියෙන ප්‍රධානම Feature දෙක තමා Conversation සහ Imagine.

මේකේ විශේෂම දේ තමා දැනට පරිශීළකයන්ට සම්පූර්ණයෙන් නොමිලේම Meta AI භාවිතා කරන්න පුලුවන් කියන එක සහ තනි Chatbot එකක් ඇතුලෙම chat conversation වගේම Imagine feature එකත් භාවිතා කරන්න පුලුවන් කියන එක.

දැනටමත් ඔයාලා ChatGPT, Co pilot පාවිච්චි කරලා තියෙනවා නම් Conversation සහ AI Image generation ගැන අයිඩියා එකක් ඇති නෙ.

ඉතින් Real time access තියෙන Meta AI ඔයාලට සාමාන්‍ය විදියටම භාවිතා කරලා බලන්න පුලුවන්.

 

Imagine Feature

Imagine feature එක ගැන කතා කරොත් මේක ගැනනම් පොඩි Interest එකක් තියෙනවා. පහළ තියෙන්නේ මම Meta AI imagine හරහා නිර්මාණය කරගත්තු Images කිහිපයක්. කොහොම වුණත් අපි දෙන prompt එකට අනුව Image generation වෙන නිසා Realistic Images ගන්න නම් Prompt ගැනත් ටිකක් දැනගෙන ඉන්න එක හොදයි.

ඒ වගේම මේ Imagine Feature එකේදි ඔයාලට පුලුවන් Imagine හරහා ලබා දෙන Images Animate කරගන්න. ඒ කියන්නේ Meta AI generate කරන Images ටික gif විදියට හරවන්න ඔයාලට මේ Animate option එක භාවිතා කරන්න පුලුවන්.

 

What is the Best: ChatGPT vs Meta AI

Differences Between Meta AI VS ChatGPT | by Naira Nicol | Apr, 2024 | Medium

 

අලුතෙන් Chatbot එකක් release කරපු ගමන් සම හරක් අය හොයන දෙයක් තමා දැන් තියෙන Chatbot වලින් මොකක්ද හොඳම Chatbot කියන එක.

දැන් Meta AI එළි දැක්වීමත් එක්ක කට්ටිය හොයන්නේ ChatGPT ද හොඳ, නැත්තම් Meta AI ද කියන එක.

කොහොම වුණත් මේකෙදි මම powerfull ම Chatbot එක ChatGPT ද නැත්තම් අලුතෙන්ම ආපු Meta AI ද කියලා හෑල්ලක් ලියන්න යන්නෙ නැ.

සරලවම පහළ තියෙන්නේ මේ ඔක්කොම ඔයාගේ වැඩ වලට පාවිච්චි කරන්න පුලුවන් උදාහරණයක්.

  • Article ලියන කෙනෙක්ට සමහර වෙලාවට එයාගේ content එකට ගැළපෙන Images හොයාගන්න බැරි නම් එයාට පුලුවන් මේ AI image එකෙන් එයාට ඕනි Image එක generate කරගන්න.
  • Image එකට ගැළපෙන Prompt එක දන්නෙ නැත්තම් එයාට පුලුවන් Chatbot හරහාම article content ගැන කියලා image prompt එකක් create කරගන්න.
  • තමන්ට ලියන්න article එකක් ගැන අයිඩියා එකක්වත් එන්නෙ නැත්තම් ඒකටත් එයාට පුලුවන් Chatbot හරහා ideas ටිකක් අරගන්න.
  • පහළ තියෙන්නේ ChatGPT වලින් අරගත්තු Article heading සහ ඒවට ගැළපෙන Image prompt වගේම Meta AI Imagine එකට ඒ prompt දීලා generete කරපු Images.

 

ඉතින් Try කරලා බලන්න. ආස හිතෙයි.

 

source: Meta AI

© chamika sahan samarakoon

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.