Categories

AI assistance සහය සමගින් එන Meta හි නවතම Ray – Ban Smart grass එක

2021 september මස Ray Ban stories නමින් එහි Smart glass වල පලමු පරම්පරාව දියත් කිරීමෙන් පසු Meta විසින් ⁣2023 September Meta connect හිදී එහි දෙවන පරම්පරාවේ Smart glass එක Ray Ban | meta Smart Glasses යන නමින් හදුන්වා දෙනු ලැබුවා.

meta හි පලමු Smart glass එක 5MP කැමරාවකින් හා microphone තුනකින් සමන්විත වූ නමුත් නවSmart glass එක මගින් 12MP කැමරාවකින්, Microphone පහකින් මෙන්ම Full HD video record කිරීමේ පහසුකම ලබාදී තිබෙනවා.

එලෙසම වඩාත් කැපී පෙනෙන විශේෂාංගයක් ලෙස මෙහි Instagram හා Facebook හරහා Livestream කිරීමේ පහසුකම ලබා ගන්න පුලුවන්.

Audio පෙර පරම්පරාවට වඩා 50% කින් වැඩිදියුණු කර ඇති අතරම මෙහි වැඩි පැහැදිලි බව, Deeper bass හා directional audio මගින් ඝෝෂාකාරී පරිසරයක පවා පැහැදිලි සවන්දීමේ අත්දැකීමක් ලබාගත හැකියි.

Meta view app එක මගින් Record කල media ජංගම දුරකථනයට මාරුකර Edit හා Share කල හැකියි.

Case එක brown color එකෙන් පැමිනෙන අතර එමගින් සම්පූර්ණ පැය 36ක බැටරි ආයු කාලයකට 8 වාරයක් ආරෝපණය කල හැකියි.

Specifications

Style – perscription lens හරහා විවිද Style 21කට ලබාගත හැකියි.

Weight – wayfarer : 48.6g / wayfarer (large) : 50.8g / Headliner : 49.2g

Camera
12MP ultrawide angle camera
Photos :portrait capture 3024 × 4032 pixels
Video : 1080p at 30fps

Audio
2× open ear Speaker
Custom 5 Mic

Wireless
Bluetooth 5.3
Wi Fi6

Storage
32GB Storage ( photos 500ක් හා 30 seconds video 100ක් ගබඩා කල හැකි.)

Processor
Qualcomm Snapdragon AR1 Gen 1 platform

Water Resistance
IPX-4 ශ්‍රේණිකත කර ඇති අතර ජල නිරාවරණයකදී සම්පූර්ණයෙන්ම වියලෙන ලෙස charging port පිස භාවිතා කල හැකියි.

Battery
එක් චාර්ජ් කිරීමකින් පැය 4ක් භාවිතා කල හැකියි.
charging case එක මිනිත්තු 75කින් Full charge කල හැකියි.
Glasses මගින් මිනිත්තු 22ක් තුල 0-50% ⁣ආරෝපණයක්.
Fully charged case එක මගින් පැය 36ක ආයු කාලයක්.

The Ray-Ban | Meta Smart Glasses with new charging case.

$299ක ආරම්භක මිලකින් October 17 පහත රටවල වෙළදපලවල් තුලට මෙම Smart glass නිකුත් වීම⁣ට නියමිතයි.

  • USA
  • Canada
  • UK
  • Ireland
  • Italy
  • France
  • Spain
  • Belgium
  • Austria
  • Australia
  • Germany
  • Norway
  • Finland
  • Denmark
  • Sweden

 

Meta.com හරහා මෙම Smart glass Pre order කල හැකියි.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.