Categories

Gmail ප්‍රතිවාදියෙකු ලෙස Elon Musk ගෙන් ‘XMail’ නමින් විද්‍යුත් තැපැල් සේවාවක්

Elon Musk විසින් ඔහුගේම විද්‍යුත් තැපැල් සේවාවක් “Xmail” නමින් නිර්මාණය කිරීමට සැළසුම් කරමින් සිටිනවා.

ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන x හී පළ කළ අදහසකට පිළිතුරු දෙමිනුයි ඔහු මේ පිළිබඳව හෙළි කර තිබෙන්නේ.

X හී ඉංජිනේරුවකු වන Nathan McGrady විසින් When We Making Xmail? ලෙස පළ කර තිබුණු tweet එකකට පිලිතුරු දෙමින් Elon musk සඳහන් කර තිබුණෙ Its Coming යනුවෙනුයි.

In an exchange on the social media platform, the tech boss has revealed that a product called 'XMail' is 'coming'
මේ වන විට ChatGPT සඳහා ප්‍රතිවාදියෙකු ලෙස Grok නමින් ඔවුන්ගේම AI එකක් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් 2024 වන විට Gmail හී සක්‍රීය පරිශීළකයන් ගණන බිලියන 1.8 ඉක්මවන අතර Elon Musk නිකුත් කිරීමට නියමිත Xmail සේවාව Gmail හට ප්‍රතිවාදියෙකු වීමට නම් එය Gmail හී දැනට පවතින Features වලට වඩා විශේෂ පහසුකම් වලින් සමන්විය යුතු වෙනවා.

 

Elon Musk විසින් X වචනය ඔහුගේ බොහෝ නිශ්පාදන සඳහා යොදා ගැනීම දැනටමත් බොහෝ අයගේ හාස්‍යයට හේතු වී තිබූ අතර මෙම විද්‍යුත් තැපැල් සේවාවටත් x යොදා ගැනීම විශේෂ වනවා.

 

source : Daily mail

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.