Categories

Universal Music විසින් මිලියන ගණනක ගීත TikTok තුළින් ඉවත් කිරීමට සූදානම් වෙයි

Tik Tok සහ Universal Music Group (UMG)
අතර ඇති ගිවිසුම අලුත් නොකිරීමත් සමග UM විසින් ඔවුන්ගේ මිලියන ගණනක් පමණ ගීත Tik Tok තුළින් ඉවත් කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව මේ හරහා Tik Tok පරිශීළකයන්ට Taylor Swift, The Weeknd සහ Drake ඇතුළු ජනප්‍රිය ගීත රැසක්ම භාවිතා කළ නොහැකි වනවා.

Taylor Swift songs will no longer be available on TikTokTracks by The Weeknd will be removed
Universal Music විසින් Tik Tok වෙත ප්‍රකාශ කර තිබුණේ අනෙකුත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි සිදු කරන ආකාරයටම ඔවුන්ගේ නාමාවලියට ප්‍රවේශ වීම සඳහා ගාස්තුවෙන් කොටසක් ගෙවිය යුතු බවටයි.

කෙසේ වෙතත් මෙයට පිළිතුරු ලෙස Tik Tok පවසා තිබුණේ Universal විසින් ව්‍යාජ කතාවක් ප්‍රකාශ කරන බවයි.

Universal විසින් Artist සහ songwrier community වෙත විවෘත ලිපියක් හරහා ප්‍රකාශ කර තිබෙන්නේ Tik Tok විසින් සංගීතයට සාධාරණ වටිනාකමක් නොගෙවා සංගීතය පදනම් කරගත් ව්‍යාපාරයක් ගොඩනැගීමට උත්සහා කරන බවටයි.

එසේම ” අපගේ කලාකරුවන්ට සහ ගීත රචකයන්ට සුදුසු වන්දි ගෙවීමක්” මෙන්ම “AI හී හානිකර බලපෑම් වලින් මානව කලාකරුවන් ආරක්ශා කිරීම සහ Tik Tok පරිශීලකයින් සඳහා සබැඳි ආරක්ශාව” පිළිබඳවද සැළකිලිමත් වන බව Universal සඳහන් කරනවා.

Universal සඳහන් කරන්නේ ඔවුන්ගේ Contract එක ජනවාරි 31 වන දින අවසන් වීමත් සමග ඔවුන් විසින් Tik tok වෙත ඔවුන්ගේ අන්තර්ගතයට බලපත්‍ර ලබා දීම නවත්වන බවටයි.

මෙයට ප්‍රතිචාර වශයෙන් Tik Tok ප්‍රකාශ කර තිබුණේ “Universal Music විසින් ඔවුන්ගේ කලාකරුවන්ගේ සහ ගීත රචකයන්ගේ අවශ්‍යතාවලට වඩා මුදල් සඳහා ඔවුන්ගේ ආශාව ඉහළින් තැබීම අපගේ බලාපොරොත්තු සුන් කරවන්නකි” යනුවෙනුයි.

“ඔවුන් ව්‍යාජ කතාවන් ප්‍රකාශ කළත්, කරුණ නම් ඔවුන්ගේ දක්ශතා සඳහා නොමිලේ ප්‍රවර්ධන වේදිකාවක් ලෙස සේවය කරන බිලියනයකට අධික පරිශීළකයන් සිටින Tik Tok හී සහයෝගයෙන් ඉවත් වීමට ඔවුන් තෝරාගෙන තිබීමයි” යනුවෙන්ද Tik Tok සඳහන් කරනවා.

 

source:  BBC

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.