Categories

Tik Tok සමාගම ඔවුන්ගේ යෙදුම සඳහා Tako නම් AI Chatbot එකක් පරීක්ශා කරයි

Tik Tok සමාගම විසින් ඔවුන්ගේ Tik Tok යෙදුම සඳහා AI Chatbot එකක් පරික්ශා කරමින් සිටිනවා. “Tako” ලෙස හඳුන්වන මෙම Bot ව Tik tok යෙදුම තුළ, පරිශීලකයාගේ profile එකට ඉහළින් දිස් වෙනවා.

ඒ අනුව පරිශීලකයින්ට ස්වභාවික භාශා විමසුම් භාවිතා කර Tako ගෙන් video පිළිබඳ විවිධ ප්‍රශ්ණ ඇසීමට හෝ විවිධ නිර්දේශයන් යටතේ නව වීඩියෝ සොයා ගත හැකි වෙනවා.
උදාහරණයක් ලෙස කිසියම් වීඩියෝවක් නරඹන විට එම වීඩියෝවෙහි ඇති කිසියම් කරුණක වැදගත්කමක් ගැන tako ගෙන් විමසිය හැකියි.

“නව්‍යකරණයේ ඉදිරියෙන්ම සිටීම Tik Tok අත්දැකීම ගොඩ නැගීම සඳහා මූලික පියවරක් වන අතර,අප සෑම විටම අපගේ ප්‍රජාවට වටිනාකමක් එක් කරන නව තාක්ශණයන් ගවේශණය කරමු ” යනුවෙන් Tik Tok ප්‍රකාශකයෙක් මේ පිළිබඳව සඳහන් කර තිබෙනවා.

දැනට මෙය ගෝලීය වෙළඳපල තුළ පරික්ශා කරමින් සිටින අතර, මෙම Tako Minor’s accounts ( බාල වයස්කරුවන්ගේ ගිණුම් ) තුළ ඇතුළත් වෙන්නේ නැහැ.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.