Categories

TikTok වැඩිහිටියන්ට පමණක් සීමා වන LiveStream Option එක් කරයි

TikTok තමන්ගෙ Platform එකේ Live  stream නැත්තම් සජීවී ප්‍රවාහයන් පැවැත්වීම සඳහා වයස් අවශ්‍යතාවයන් ඉහළ නංවමින් වැඩිහිටියන්ට පමණක් වන සජීවී ප්‍රවාහ දියත් කරන බව සඳුදා නිවේදනය කලා.

 දැනට මෙහි සජීවී ප්‍රවාහයක සත්කාරකත්වය සඳහා ඔබ වයස අවුරුදු 16 හෝ ඊට වැඩි විය යුතු වන අතර නොවැම්බර් 23 සිට, Platform එකෙහි  සජීවී වීමට පරිශීලකයින්ට වයස අවුරුදු 18 විය යුතු වනවා.

වැඩිහිටියන්ට පමණක් වන සජීවී ප්‍රවාහ නිල එළිදැක්වීම පැමිණුනේ සමාගම ජූලි මාසයේදී වයස අවුරුදු 18 සහ ඊට වැඩි නරඹන්නන්ට සජීවී ප්‍රවාහ සීමා කිරීමේ හැකියාව පරීක්ෂා කිරීම ආරම්භ කිරීමත් සමඟයි.
එලෙසම සමාගම Blog සටහනක අදහස දක්වා තිබුනේ නිර්මාපකයින්ට ඔවුන්ගේ Live එක වැඩිහිටි ප්‍රේක්ෂකයින් වෙතපමණක් ලගාවීමට අවශ්‍ය නම් ඒ සදහාද Option එකක් ලබාදීමට සැලසුම් කරන බවයි.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.