Categories

Elon Musk ගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා විකිරණ පිට කිරීම, තාරකා විද්‍යාඥයින්ට වෙනත් ග්‍රහලෝකවල ජීවය සොයා ගැනීමට බාධාවක් බවට චෝදනා

Elon musk ගේ Starlink internet satellites වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක කක්ෂය තුළදී විකිරණ කාන්දු වීම නිසා තාරකා විද්‍යාඥයන්ට වාසයට සුදුසු ග්‍රහලෝක සොයා ගැනීමට බාධා ඇති වන බවට නව අධ්‍යයන මගින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව Max Plank ආයතනයේ පර්‍යේශකයන් විසින් නෙදර්ලන්තයේ දුරේක්ශයක් භාවිතා කර ස්ටාර්ලින්ක් උපාංග 68ක් නිරීක්ශණය කර තිබෙන අතර ඉන් 47කම අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන උපකරණ හරහා විද්‍යුත් චුම්භක විකිරණ විමෝචනය කරන බවට ඔවුන් සොයා ගෙන තිබෙනවා.

Scientists used the Low Frequency Array (LOFAR) telescope (pictured) to analyze SpaceX's Starlinks

විමෝචනය කරන විකිරණ ප්‍රමාණය කුඩා වුවත්, ඒවා දුර ආකාශ වස්තු මගින් ලැබෙන රේඩියෝ තරංග ලෙස වරදවා වටහා ගත හැකි බවටයි ඔවුන් පවසන්නේ.

Starship විසින් Starlink චන්ද්‍රිකා නිකුත් කරන ආකාරය

 

මෙහිදී මැක්ස් ප්ලාන්ක් ආයතනය Spacex චන්ද්‍රිකා පමණක් පරික්ශා කළ අතර ඊට පහළින් ඇති අනෙකුත් චන්ද්‍රිකා වලද මෙවැනිම විකිරණ තත්වයක් සොයාගත හැකි බවට ඔවුන් විශ්වාස කරනවා.

මේ ගැන නෙදර්ලන්තයේ ගුවන් විදුලි තාරකා විද්‍යා ආයතනයේ සම කර්තෘ වන Cees Bassa ප්‍රකාශ කළේ

” LOFAR මගින් අපි නිරීක්ශණය කළ චන්ද්‍රිකා 68න් 47ක ම 110 – 188 MHz අතර විකිරණ අණාවරනය කර ගත්තෙමු,
මෙය ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් රේඩීයෝ තාරකා විද්‍යාව සඳහා වෙන් කර ඇති 150.05 සහ 153MHz අතර ඇති ආරක්ශිත සංඛ්‍යා පරාසයට ඇතුළත් වේ” යනුවෙනුයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.