Categories

ජපානයේ විදුලි සංදේශ සමාගම් සමූහයක් 5G වලට වඩා 20 ගුණයක වේගවත් 6G උපාංගයක් එලිදක්වයි.

ලොව පුරා ඩිජිටල්කරණයේ දියුණුවට අන්තර්ජාලය කියන දේ ඉතාම වැදගත් දෙයක්.
ඩිජිටල්කරණයේ මීලග මට්ටමටයාමට නම් ප්‍රථමයෙන් ගොලීය සම්බන්ධතාවන් ඉහල නැංවිය යුතුයි. ඉතින් 4G මෙන්ම 5G ඇති කාලයක ඩිජිටල් කරනයේ මීලග මට්ටමට බලාපොරොත්තු ඇති කරමින් ජපානයේ සමාගම් කිහිපයක් එක්වෙලා රැහැන් රහිත 6G උපාංගයක් සාර්ථකව නිපදවලා තිබෙනවා.

DOCOMO,NTT corporation ,NEC corporation හා Fujitsu යන සමාගම් කිහිපය එක් වෙලා 2021 දී මෙම උපාංගය සැදීමට පලමු පියවර තබනවා.

 

 

ඒ අනුව සමාගම් කිහිපය මගින් මෙම 6G උපාංගය නිපදවීමට අවශ්‍ය විවිද පැති වෙන් වෙන් වශයෙන් අධ්‍යයනය කර ඒ සදහා පිළිතුරු සෙවීම ආරම්භ කරනවා.

එලෙසින්
DOCOMO – 100GHz telecommunications app සදහා රැහැන් රහිත පද්ධති වින්‍යාසයන් analys කිරීම හා මීටර් 100 පරාසයක් තුල 100 Gbps දක්වා දත්ත සම්ප්‍රේශනය කල හැකි රැහැන් රහිත උපාංගයක් නිපදවීම අරම්භ කරනවා.

NTT corporation – ජපානයේ ප්‍රමුඛතම ටෙලිකොම් සැපයුම් කරු වන මොවුන් 300GHz කලාපය සදහා රැහැන් රහිත උපාංගයක් නිපදවීම ආරම්භ කරනවා.

NEC – ජපානයේ IT සමාගමක් වන මොවුන් element 100කට වැඩි multi element array ඇන්ටනාවක් නිර්මාණය කිරීම අරම්භ කරනවා.

Fujitsu – ජපානයේ ඉලෙක්ට්‍රොනික් සමාගමක් වන මොවුන් 100GHz හා 300GHz bans අතර කාර්යක්ෂම හා ඉහල ප්‍රතිදානයක් ගත හැකි අර්ධ සන්නායකයක් නිර්මාණය කිරීම ආරම්භ කරනු ලබනවා.

මෙම 6G මගින් ලොවපුරා අන්තර්ජාලයේ ඇති ගැටලු වන බෆරින්, ලැග් හා Disconnect විම් ඉවත් කරනු ඇති බව ඔවුන් සදහන් කරනවා. වර්තමානයේ 5G මගින් මිලි තත්පරයකට 20GB ලබාදෙන නමුත් මෙම 6G පහසුකම යටතේ මයික්‍රො තත්පරයකට 1TB ලබාගත හැකි වනවා.

ඒ අනුව අනාගතයේදී Full HD වීඩියෝ Streaming, ස්වයංක්‍රීයව පාලනය වන වාහනයන්හි Real time controls, සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයේ Real time සැත්කම් ආදිය ඉතා පහසුවනු ඇති.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.