Categories

මොකද්ද මේ “Clubhouse”

 

Clubhouse කියන්නෙ Audio chat මත පදනම් වුන සමාජ ජාල යෙදුමක්. මේකෙන් පරිශීලකයන්ට විවිද මාතෘකා පිලිබදව සිත්ගන්නා පුද්ගලයනි අතර සංවාද,සම්මුඛ සාකච්චා වලට සවන් දෙන්න පුලුවන්.
පසුගිය වසරෙදි ජනප්‍රියත්වක් ලබාගත්තු මේක iOS වලට විතයි තිබුනෙ, නමත් මැතකදි එය Android වලටත් නිකුත් කරා.

මේක දැනට Invite only system එකට තමයි තියෙන්නෙ. ඒ කියන්නෙ ඔයාට ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන Account එකක් හදන්න බැහැ දැනට ඉන්න සාමාජිකයෙක් invite කරොත් විතරයි room එකට join වෙන්න පුලුවන්.
නමුත් අලුත්ම තොරතුරු අනුව ඇප් එකේ සංවර්ධකයින් හා පරිශීලකයන් අතර පැවති රැස්වීමකින් අනතුරුව ක්ලබ්හවුස් නිල Twitter එකක් දමා කියා සිටියේ clubhouse android සදහා මිලියන 2ක⁣ පරිශීලකයන් ප්‍රමාණයක් platforms එකට මුදා හැර ඇති බවත් මීලග ඉල්ලකය ලෙස
ඇප් එකෙහි General version එකක් නිකුත් කරමින් Invite only අංගය ඉවත් කරන බවයි.

No description available.

 

ඔයා join උනාම Interest,tech,books,bussiness හෝ health වගේ මාතෘකා තෝරන්නඑනවා.
ඔයාගෙ කැමැත්ත ගැන වැඩි තොරතුරු ඇප් එකට දෙන තරමට වැඩි වශයෙන් Conversation rooms හා පුද්ගලයින් follow කරන්න හරි join වෙන්න හරි ඇප් එක recommend කරනවා.

• කොහොමද මේකට join වෙන්න invite එකක් එවාගන්නෙ

මුලින් කිව්වා වගේ ඊලග අප්ඩේටි එකෙන් invite only feature එක අයින් කරන්න නියමිත වෙනවා,
ඒ උනත් දැනට invite ගන්නනම් පවතින clubhouse පරිශීලකයෙකුට ගිණුමක් හදන්න ප්‍රවේශය ලබා දෙමින් එයාගෙ ඇප් එකෙන් අපිට invite එකක් එවන්න ඕනි.
ඔයාට invite කරලා තියනවනම් ඔයාගෙ දුරකථන අංකයට මැසේජ් එකක් එවලා ඇප් එකේ Sing up පේජ් එකට ඔයාව යොමු කරනවා.
ඒ උනත් Clubhouse usersලට කැමති ඕනම කෙනෙක්ට invite යවන්නත් බැහැ, දැනට ඉන්න අයට පවා මුලින් තියෙන්නෙ invites 2ක් විතරයි.

•Elon musk මොකද්ද කරන්නෙ මේකත් එක්ක..?

Clubhouse 2020 මාර්තු ඉදලා Silicon valley හි ව්‍යවසායකයින් වෙන පෝල් එඩිසන් හා රොහාන් සෙත් විසිනුයි නිකුත් කලේ , එතකොට ඒකෙ සාමාජිකයින් 1500ක් සිටියෙ සහ ඒකෙ වටිනාකම උනෙ ඩොලර් මිලියන 100ක්.

නමුත් මේ සතියෙ ඒක mainstream එකට කඩාගෙන වැදුනෙ එලොන් මස්ක් රොබ්න්හුඩ් ප්‍රධාන විධායක ව්ලැඩ් ටෙනෙව් එක්ක Clubhouse හි ශව්‍ය සංවාදයක් පැවැත්වීමත් සමගයි.
මෙයින් Conversation rooms limite ඉක්මවා ගිය අතර Youtube හි live Stream පවා ගියේය. එයින් Startup chart වල Clubhouse ඉහලට තල්ලු වූ අතර 2021 පෙබරවාරි Clubhouse හි පරිශීලකයන් මිලියන 2 ක් විය.නිකුත් කල දින සිට නව අරමුදල් රැස් කර ඇති Clubhouse ි වටිනාකම දැන් ඩොලර් බිලියන 1කි.

දැන් මේකෙ සාමාජිකත්වය සදහා ඇති ඉල්ලුම උනුසුම් වෙලා තියනවා, කොටින්ම Reddit,Ebay වැනි platforms වල ඔවුන්ටම වෙලදපලක් වර්ධනය වෙලා තියනවා.
චීනයෙ Invitation විකුණන්නෙ Alibba හි ⁣second hand market place එක වෙන Idle Fish තුල.

• චීනයෙ මේක මෙච්චර ජනප්‍රිය උනේ ඇයි..?

වාරණය මර්දනය හා රජයේ පාලනය බහුලව පවතින චීනයේ Instagram,facebook මෙන් නොව Clubhouse මාස කීපයක් චීනයෙ ෆයර්වෝල් හා රේඩාර් යටතේ manage වෙන්න සමත් උනා.
මෑත සතිවල එය ඉතාමත් ජනප්‍රිය වූ අතර නිදහස් අදහස් ප්‍රකාශනයට ලද දුර්ලභ අවස්ථාව නිසා සින්ජියැන්ග්, හොංකොං හා තායිවානය ඇතුලු ප්‍රධාන භූමියෙ සාමාන්‍යයෙන් අවහිර කර ඇති මාතෘකා පිළිබද සාකච්චාවක නිරත විය.
වැඩිපුරම තාක්ෂනික ආයෝජකයන්,වෘත්තිකයන්,ප්‍රජාතන්ත්‍රවාදය වැනි මාතෘකා ඔවුන් සාකච්චා කිරීමට පෙලඹී අැත.

මේ අතර චීනයේ E Commerce වෙබ් මගින් Clubhouse බලාපොරොත්තුවෙන් සිටින පරිශීලකයන්ට Invitation මිලට ගැනීමට අවස්ථාවදුන් අතර ෂියාන්යු හා තාඕබාවෝ වැනි platforms වල ඒවා යුවාන් 150ත් 400ත් අතර මිලකට අලෙවි විය.($23-#61)

කොහොම උනත් 2021 පෙබරවාරි 8වන දින චීනය තුල Clubhouse අවහිර කිරීමට කටයුතු කර තිබුනා.

 

Article written by  Sahan Nimesha Samarakoon