2004 දි Cassini අභ්‍යවකාශ යානය සෙනසුරු වෙත ලගාවෙනවිට විද්‍යාඥයින් අපේක්ෂා කලේ සැතපුම් 314ක්පමණ පලල සෙනසුරුගේ හයවන විශාලතම චන්ද්‍රයා වන එන්සෙලාඩස් ශීත කල අයිස් බොලයක් වනු ඇති බවයි.
නමුත් ඊට පසු වසරේ එනම් 2005දි ඔවුන් සදෙහි අයිස් වලට පහතින් හා එහි පාෂාණමය හරයට ඉහලින් ගොලීය සාගරයක් ඇති බවත් මතුපිට ඇති කුහරයන් තුලින් ජල වාශ්ප හා අයිස් අංශු පුපුරා යන බවත් සොයාගන්න සමත්වෙනවා.
පොස්පරස් පෘථිවියේ පස සාරවත් කිරීමට උපකාරී වන අතර DNA, RNA හා සෛල පටල වැනි පෘථිවි ජීවයේ ප්‍රධාන කොටස් සදහා පොස්පේට් හෝ පොස්පරස් අඩංගු සංයෝග අත්‍යවශ්‍ය වනවා. විද්‍යාඥයින් පවසන්නේ ජීවය සදහා අවශ්‍ය මුලද්‍රව්‍ය 6වන කාබන්,හයිඩ්‍රජන්,නයිට්‍රජන්,ඔක්සිජන්,පොස්පරස් හා සල්ෆර් වලින් පොස්පරස් විශ්වයේ අවම වශයෙන් පොදු බවයි.
එන්සෙලාඩස් හො ඒ හා සමාන ලොකවල අයිස්වලින් පොස්පරස් මෙතෙක් කිසිවකු සොයාගෙන නොතිබුනි.
ඒ සාගර ලෝකවල සැලකිය යුතු පොස්පේට් ප්‍රමාණයක් දියවිිි තිබේද යන්න සැකය මතයි.
මුල් පර්යේෂන යොජනා කලේ පොස්පේ්ට් මෙම ලොක තුල පාශාණමය හරය තුල සිරවී තිබිය යුතු බවයි. කෙසේ නමුත් මෑත කාලීන සෙයාගැනීම් පොස්පේට් සාගර තුලත ඉතා බහුල විය හැකි බවපෙන්නුම් කර තිබෙනවා.
2004- 2008 දක්වා කැසිනි විසින් පරික්ෂා කල සෙනසුරුගේ වළල්ලෙන් ලබා ගත් අයිස් කැට 345කින් පොස්පරස් සහිත කැට 9ක් සොයාගැනුනා.
අයිස් හරහා ලබාගත් පොස්පේට් මට්ටම මත පදනම්ව විද්‍යාඥයින් අස්තමේන්තු කලේ පෙසේපරස් සාන්ද්‍රණය පෘථිවි සාගර වලට වඩා එන්සෙලාඩස් සාගරයේ 100 සිට 1000 ගුණයක් දක්වා වැඩි බවයි. ඒ එන්සෙලාඩස් ගේ සාගරය සෝඩා මෙන් දියවී ගිය කාබනේට් වලින් පොහොසත් බැවින් මෙම සොඩා සාගරය එහි පාෂාණවල ඇති පොස්පේට් දිය කරන බැවිනි.
මෙම පරික්ෂන මත ප්ලූටෝ හා නෙප්චූන්ගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් මතද ජලයේ කාබන් පිරී ඇති බවත් ඒමගින් පාෂාණ තුල පොස්පේට් දියකල හැකි බවත් විද්‍යාඥයින් යොජනා කර තිබෙනවා.
2024 දී නාසාහි Europa Clipper මෙහෙයුම එන්සෙලාඩස් ගේ පිපිරුමෙන් නිකුත් වු අයිස් කැට අධ්‍යයනය සදහා යැවීමට නියමිත වනවා.
කෙසේ නමුත් පර්යේෂකයන් පරික්ෂා කල අයිස් කැට සංඛ්‍යාව තවත් පිලිතුරු නොමැති ප්‍රශ්න කීපයක් ඉතුරු කර තිබෙනවා.
මෙම පොස්පේට් එන්සෙලාඩස් තුල සෑම තැනකම තිබේද, නැතහොත් යම් ස්ථාන වලට සීමා වී ඇත්ද..?
ඔයාලගෙ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න.
Leave a Reply
View Comments