Categories

NASA විසින් ප්‍රථම වරට carbon dioxide සහිත ග්‍රහලෝකයක් සොයා ගනී

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 700 ක් දුරින් පිහිටි ග්‍රහලෝකයක වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් පවතින බව අනාවරණය කරගෙන තියෙනවා. මෙම සොයාගැනීම අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක කාබන් ඩයොක්සයිඩ් නිරීක්ෂණය කළ පළමු අවස්ථාව ලෙසද සනිටුහන් වෙනවා.

WASP-39 b ලෙස නම් කර ඇති මෙය බ්‍රහස්පතිගේ ස්කන්ධයෙන් හතරෙන් එකක් පමණ ස්කන්ධයක් සහ බ්‍රහස්පතිට වඩා 1.3 ගුණයක් විශාල විෂ්කම්භයක් සහිත ග්‍රහලෝකයක් වෙනවා. ඒ වගේම මෙය ෆැරන්හයිට් අංශක 1,600 ක පමණ උෂ්ණත්වයකින්ද යුක්ත වෙනවා.

NASA හී Hubble සහ Spitzer අභ්‍යවකාෂ දුරේක්ශ භාවිතා කරමින් මීට පෙර සිදු කරන ලද නිරීක්ශණ මගින් ග්‍රහලෝකයේ වායුගෝලයයේ සෝඩියම්,පිටෑසියම් සහ ජල වාශ්ප තිබෙන බව තහවුරු කර තිබුණා.

ග්‍රහලෝකය තාරකාව ඉදිරියෙන් ගමන් කරන විට, තාරකාවේ යම් ආලෝකයක් එහි වායුගෝලය හරහා සම්ප්‍රේෂණය වනු ලබනවා. විවිධ වායූන් විවිධ වර්ණ සංයෝජන අවශෝෂණය කරන අතර තරංග ආයාම වර්ණාවලියක් හරහා මෙම වෙනස්කම් විශ්ලේෂණය කිරීමෙන් ග්‍රහලෝකයේ වායුගෝලය සමන්විත වන්නේ කුමක් ද යන්න නිවැරදිව තීරණය කිරීමට පර්යේෂකයන්ට ඉඩ සලසනවා.

source:-

TECHSPOT

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.