Categories

SLIM සාර්ථකව සඳ මතට ගොඩ බැසීමත් සමග සඳ තරණය කළ ඉතිහාසයේ පස්වැනි රට බවට ජපානය පත් වෙයි

සඳ තරණය කළ ඉතිහාසයේ පස්වැනි රට බවට පත් වෙමින් ජපානයේ SLIM සාර්ථකව සඳ මතට ගොඩ බැස තිබෙනවා.

එක්සත් ජනපදය,රුසියාව, චීනය සහ ඉන්දියාවට පසුවයි ජපානය විසින් මෙලෙස සඳ තරණය සාර්ථක කරගෙන තිබුණේ.

Unmanned Smart Lander for Investigating Moon (SLIM) සාර්ථකව සඳ ස්පර්ශ කර තිබුණත් ජපන් බලධාරීන් පවසා තිබුණේ යානයෙහි සූර්‍ය පැනල බලය උත්පාදනය කිරීමට අපොහොසත් වී තිබෙන නිසා සඳ මත යානයෙහි ක්‍රියාකාරකම් කෙටි විය හැකි බවටයි.

ජපානයේ අභ්‍යවකාශ ඒජන්සිය (JAXA) පවසා තිබුණේ සිංගප්පුරු වේලාවෙන් ජනවාරි 19 වන දින රාත්‍රී 11.20ට පමණ සඳ මතට පතිත වූවත්, සූර්‍ය පැනල වැරදි ලෙස කෝණ කර තිබෙන නිසා එයට විදුලිය නිපදවිය නොහැකි බවටයි.

ඒ අනුව SLIM Lander එක එහි බැටරිය මත පමණක් රඳා පැවතීම හේතුවෙන් SLIM ගේ දත්ත පෘථිවියට මාරු කිරීමට JAXA කටයුතු කර තිබෙනවා.

සූර්‍යාලෝකය SLIM ගේ සූර්‍ය පැනල මතට පතිත වුවහොත් යානය ක්‍රියාකාරිත්වයට පත් විය හැකි බව JAXA බලධාරීන් සඳහන් කරනවා. කෙසේ වෙතත් දැනට යානය බැටරිය මගින් බලගැන්වෙන්ක් නිසා එහි ක්‍රියාකාරිත්වය පැය කිහිපයකට පමණක් සීමා වන බවද ඔවුන් පවසනවා.

SLIM වෙතින් පෘථිවියට ලැබුණු සංඥා අහිමි වී තිබෙන අතර එය තාවකාලික සංඥා නැති වීමක් ද නැතිනම් විදුලිය ඉතිරි කර ගැනීම සඳහා ගත් පියවරක් ද යන්න පිළිබඳව දැනට පැහැදිලි කර නැහැ.


“MOON SNIPER ” ලෙස නම් කර තිබුණු SLIM, එහි ඉලක්කයේ සිට මීටර් 100 ඇතුළත සඳට ගොඩ බෑමට උත්සහා කළ අතර ට්‍රේස් දත්ත හරහා මීටර් 100 නිවැරදි ගොඩබෑමක් ලබා ගෙන තිබෙන බවද සඳහන් කරනවා.

කෙසේ වෙතත් ගොඩබෑමෙහි නිවැරදිබව දැන ගැනීම සඳහා මාසයක් පමණ ගත විය හැකි බව නිළධාරීන් සඳහන් කරනවා.

ජපානය විසින් චීනයට එරෙහිව කටයුතු කිරීම සඳහා එක්සත් ජනපදය සමග එක්ව අභ්‍යවකාශ කටයුතු සඳහා විශාළ වශයෙන් දායකත්වයක් ලබා දෙන අතර ඉදිරි වසර කිහිපය තුළ NASA හී ආටෙමිස් වැඩසටහන හරහා ඔවුන්ගේ ගගනගාමියෙකුද සඳ මතට යැවීම සඳහා JAXA අපේක්ශා කරනවා.

 

source:  The straitsTimes

Dailymail

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.