Categories

Network of connected points and lines. Technological background. 3d rendering.

ජපානය විසින් තත්පරයට පෙටාබිට් 22.9ක වේගයකින් ලොව වේගවත්ම singel Fiber optical කේබලයේ වාර්තාව බිද දමයි

ජපානය,නෙදර්ලන්තය හා ඉතාලියේ පර්යේෂකයන් පිරිසක් විසින් තත්පරයට පෙටාබිට් 22.9ක වාර්තාගත වේගයක් තනි Fiber optic කේබලයකින් ලබාගෙන තිබෙනවා.
මෙයින් අදහස් කරන්නේ ඔවුන්ට තත්පරයක් තුල ගිගාබිට් මිලියන 22ක දත්ත හෝ HD movies බිලියන 2.9ක් සම්⁣⁣ප්‍රේශනය කල හැකි බවයි.

මීට පෙර ඔවුන් විසින්ම පෙටාබිට් 10ක වාර්තාවක් පිහිටවූ අතර දැන් එයට වඩා දෙගුණයක වේගයක් ලබා ගනිමින් පෙර වාර්තාව බිද දමා තිබෙනවා.

 

පර්යේෂකයන් මේ සදහා SDMහා WDM යන තාක්ෂණයන් භාවිත කර තිබෙනවා.
(SDM යනු සම්ප්‍රේශන ධාරිතාව වැඩි කිරීමට තනි තන්තුවක් තුල multiple optical channel භාවිතා කිරීමයි. / WDM යනු විවිද දත්ත නාලිකා එකම Optical path එකක ගෙන යාමට wavelength බාවිතා කිරීමයි.)
මෙම තාක්ෂණයන් ඒකාබද්ධ කිරීමෙන් ඔවුන්ට චැනල් 114ක් හා 18.8THz bandwith භාවිාා කිරීමට හැකිව තිබෙනවා.

දැනට ලෝකයේ වේගවත්ම fiber කේබලය ලෙස දැකවෙන්නේ 319 terabits කේබලයයි.
ඒ සදහා four core opticle fiber කේබලයක් යොදාගෙන තිබෙනවා.

කෙසේ නමුත් මෙම 22.9 petabits වාර්තාව සදහා spatial channel 114 කින් යුතු තනි fiber කේබලයක් යො⁣දාගෙන තිබෙනවා.
එලෙසම මෙය පරීක්ෂන මට්ටමේ සිදු කල කෙටි දුර සම්ප්‍රේශන වාර්තාවක්.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.