Categories

Nvidia සයිබර් ආරක්ෂණ තර්ජනයක් පිලිබදව විමර්ශන අරඹයි..!

Nvidia සයිබර් ආරක්ෂණ තර්ජනයන් ගැන විමර්ශන අරඹයි..!

මේ දවස් වල අන්තර්ජාලය ගැන එතරම් යහපත් දේවල් නෙමෙයි අහන්න ලැබෙන්නෙ. මොකද,රුසියානු,යුක්‍රේන ගැටුමත් සමග අන්තර්ජාලය හරහා Cyber attack/ransomeware/malware වගෙ ප්‍රහාරයන් රැසක් පිලිබද තොරතුරු වාර්තා වෙන හින්ද.

ඉතින් මේ සතියේ වාර්තාවකින් Nvidia හි සමහර පද්ධති ඇනහිටීමකට ලක්වන බව හෙලි කර තිබුණා. සමාගම සයිබර් ප්‍රහාරයක් ගැන විමර්ශනය කරමින් සිටියත් තවමත් කිසිවක් තහවුරු වී නැහැ.

Nvidia ප්‍රකාශකයෙක් මේ සතියේ The Telegraph වෙත පවසා තිබුනේ සමාගම “සිද්ධියක්” විමර්ශනය කරමින් සිටින බවත් හෙළි කිරීමට තවත් තොරතුරු නොමැති බවත්ය. කොහොම උනත් The Telegraph හි මූලාශ්‍ර අනතුරු අගවල තිබුනෙ වඩාත් බරපතල දෙයක් ගැනයි.

ඒ වගේම පසුගිය දින දෙක තුළ, Nvidia හි අභ්‍යන්තර ඊමේල් සහ සංවර්ධක මෙවලම්වල ඇනහිටීම් වාර්තා වුණා. සිකුරාදා වෙනකොට විද්‍යුත් තැපැල් පද්ධති නැවත ක්‍රියාත්මක උනත්,
සමාගමේ අභ්‍යන්තර පද්ධති සම්පූර්ණයෙන් ඇණහිටීමකට පත්කල ප්‍රහාරයක් පිලිබදවත් වාර්තා වුණා.

මෙම සිදුවීම හා ආක්‍රමණය අතර තහවුරු වූ සම්බන්ධයක් දැනට වාර්තා වෙලා නැහැ.
ඒ කොහොම උනත් Cyberwarfare නැවත නැවතත් දෙරට අතර ගැටුමේ පෙරමුණක් ලෙස මතු වී තිබෙනවා.

එලෙසම අභ්‍යන්තර පද්ධති වලට අමතරව, Nvidia පාරිභෝගිකයින්ට බෙදා හරින මෘදුකාංගයට යම් අනතුරක් තිබේදැයි බැලීමටද විශේෂ විමර්ෂනයක් ආරම්භ කර කිබෙනවා.

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.