Categories

රුසියාවට එරෙහිව Anonymous හැකර්වරුන්ගෙන් සයිබර් ප්‍රහාර – ර⁣ජයේ වෙබ් අඩවි කිහිපයකුත් ඉවත් කරයි…!

Anonymous හැකර්වරුන් විසින් අද රුසියානු රජයට සම්බන්ධ සමහර වෙබ් අඩවි ඉවත් කරමින් සයිබර් මෙහෙයුම් දියත් කර තිබුනා

 

ඒ අතරම Twitter හි නිර්නාමික ගිණුමකින් කියාසිටියේ “යුක්රේනයේ මිලේච්ඡ ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන්” කණ්ඩායම රුසියානු ප්‍රචාරක මධ්‍යස්තානයේ RT News වෙබ් අඩවිය ඉවත් කල බවයි. එමෙන්ම තව දුරටත් එහි සදහන් වුනේ
අන්තර්ජාල සේවා සපයන්නන් වන Com2Com, PTT-Teleport මොස්කව්, RELCOM සහ Sovam Teleport ද බිඳ දමා ඇති බවයි.

Anonymous දැනට රුසියානු සමූහාණ්ඩුවට එරෙහි මෙහෙයුම්වල නිරතව සිටින අතර මිලියන 6.4ක අනුගාමිකයන් සිටින Anon ගිණුම ට්වීට් කර තිබුනේ
” අපගේ ඉලක්කය රුසියානු රජයයි. ⁣එය බොහො විට පුද්ගලික අංශයටත් වනු ඇති.
මෙම ගිණුමට සමස්ථ නිර්නාමික සමූහය වෙනුවෙන් කතා කල නොහැකි වුවත් රුසියානු සමූහාන්ඩුවට එරෙහිව Anonymous සමුහයේ ක්‍රියාමාර්ගවල සත්‍ය වාර්තා කල හැකියි.”

“පළිගැනීම්වලට බියෙන් ඔවුන්ගේ ඒකාධිපතියාට එරෙහිව කතා කිරීම දුෂ්කර බව අපි දන්නා බව රුසියානු ජනතාව තේරුම් ගැනීම අපට අවශ්‍යයි.”

“අපට සාමූහිකයක් වශයෙන් අවශ්‍ය වන්නේ ලෝකයේ සාමය පමණයි. අපට අවශ්‍ය සියලු මනුෂ්‍ය වර්ගයාගේ අනාගතයක්. එබැවින්, ලොව පුරා සිටින මිනිසුන් ඔබේ අන්තර්ජාල සපයන්නන් බිඳ දමද්දී, එය මුළුමනින්ම යොමු වී ඇත්තේ රුසියානු රජයේ සහ පුටින්ගේ ක්‍රියාවන් මත බව තේරුම් ගන්න.”

තවත් නිර්නාමික ගිණුමකින් ක්‍රෙම්ලිනය,රුසියානු රජය හා ආරක්ෂක අමාත්‍යන්ෂයේ වෙබ් අඩවි වලට පහර දීමේ වගකීම බාරගෙන තිබුණු අතර Anon පරිශීලකයෙකු නිවේදනය කලේ කෙටි කලකට රුසියාවේ Federal Antimonopoly service වෙබ් අඩවිය ඉවත් කල බවයි.

එමෙන්ම ත්‍රස්තවාදී කණ්ඩායමේ මාර්ගගත ප්‍රචාරක රැල්ල ඉලක්ක කරගත් #OpISIS ව්‍යාපාරයට හා සුදු ආධිපත්‍යවාදීන් ඉලක්ක කරගත් #OpKKK ව්‍යාපාරයට සමානව, රුසියානු වෙබ් අඩවිවලට එරෙහිව ක්‍රියාමාර්ග නිවේදනය කිරීමට හැකර්වරු මේ වෙනකොට #OpRussia හෝ #OpKremlin යන හැෂ් ටැග් භාවිතා කරමින් සිටිනවා.

පෙබරවාරි 15 වනදා පලවූ නිර්නාමික වීඩියොවකින් තර්ජනය කලේ අර්බුධය උත්සන්න වුවහොත් කාර්මික පාලන පද්ධති ප්‍රාණ ඇපයට ගන්නා බවයි.
එමෙන්ම පසුගිය බදාදා රුසියානු සයිබර් හමුදා විසින් යුක්රේන බැංකු කිහිපයක සහ රජයේ දෙපාර්තමේන්තු කිහිපයක වෙබ් අඩවි වලටද DDoS ප්‍රහාරයන් එල්ල කර තිබුණා

ක්‍රෙම්ලිනය රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකන ආකාරයට රුසියාවේ යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව එක්සත් ජනපදය හෝ නේටෝව ප්‍රතිචාර දක්වන්නේ නම්, එක්සත් ජනපදයට එරෙහිව සයිබර් ප්‍රහාරයක් දියත් කිරීම ගැන රුසියාව “සළකා බලනු ඇතැයි”ද ජනවාරි මාසයේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශ අනතුරු ඇගවීමක් කර තිබුණා.

 

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.