Categories

Seismograph for earthquake detection or lie detector is drawing chart. 3D rendered illustration.

චීනය ලොව විශාලතම පූර්ව භූමි කම්පා අනතුරු ඇගවීමේ පද්දතියක් නිර්මාණය කරයි.

චීනය ලොව විශාලතම භූමිකම්පා පෙර අනතුරු ඇගවීමේ පද්දතියක් (EEWS – earthquake early warning system) නිර්මාණය කරමින් ඉන්නවා. මෙය නිරීක්ෂණ ස්ථාන 15, 000කට අධික ප්‍රමාණයක්, ජාතික මධ්‍යස්ථාන තුනක්, පලාත් මධ්‍යස්ථාන 31ක් හා ප්‍රාන්ත හා නාගරික තොරතුරු නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 173ක් ආවරණය කරනවා.

චීනයේ භූමි කම්පා පරිපාලනයේ (CEA) ප්‍රධානී මින් යිරේන් නිවේදනය කලේ පද්ධතියේ ප්‍රධාන ඉදිකිරීමේ කටයුතු අවසන් කර ඇති අතර මෙම වසර අවසන් වන විට EEWS සම්පූර්ණයෙන්ම ක්‍රියා කරනු ඇති බවයි.
මෙය භූමිකම්පා අනුමාන කිරීමට යොදා නොගන්නා අතර භූමි කම්පාවක් ආරම්භ වීමට යාමේදී භූමි කම්පාවේ අපික්‍රේන්ද්‍රයේ බොහො ආකාරයේ භූ කම්පන තරංග ක්‍රියාකාරකම් ඇති වනවා. මෙලෙස භූමි කම්පාවක් අරම්භ වීමට සුදානම් වනවිටම EEWS මගින් භූ චලන හදුනාගෙන දත්ත සැකසුම් මධ්‍යස්ථාන වෙත සංඥාවක් නිකුත් කරනු ලබනවා.

ඇල්ගොරිතම මගින් ඉක්මනින් භූමිකම්පාවේ පිහිටීම හා විශාලත්වය සොයාගන්නා අතර පසුව දත්ත සැකසුම් මධ්‍යස්ථාන මගින් අනතුරු ඇගවීම් නිකුත් කරනවා. මෙහිදී භූමිකම්පාවේ ක්‍රේන්ද්‍රයේ සිටින අයට පුර්ව අනතුරු ඇගවීමක් සිදු කල නොහැකි වුවද තුර්කියේ භූමිකම්පාව මෙන් විශාල මරණ හානි වැලැක්වීමට කේන්ද්‍රයෙන් පිටත භූමිකම්පාව බලපාන අනෙකුත් අයට ක්ෂනික අනතුරු ඇගවීමක්නිකුත් කල හැකියි.

එලෙසම චීනයේ භූමිකම්පා අනතුරු ඇගවීම් රසායනාගාර ප්‍රධානී වැන්ග් ටුන් පැවසුවේ සිරියා – තුර්කි ව්‍යසනකාරී භූමිකම්පාව පූර්ව භූමිකම්පා අනතුරු ඇගවීමේ ගෝලීය පද්දතියක් පිහිටුවීමේ වැදගත්කම පෙන්වා දුන් බවයි. ඒ අනුව ලොව ප්‍රමුඛ පෙලේ EEWS ගොඩනැගීමේ අත්දැකීම් ඇති චීනයට ජාත්‍යන්තර ප්‍රජව සමග සිය අත්දැකීම් බෙදාගත හැකි බවත් ඔහු පැවසුවා.

එලෙසම මෙම පද්ධතියට උදව් වූ චැන්ග් පැවසුවේ තත්පර කීපයක සිට තත්පර 60 දක්වා පූර්ණ අනතුරු ඇගවීමකින් භූමිකම්පාවේ මිය යන ගණන සියයට 30කින් අඩු කල හැකි බවයි.

1990 ගනන්වල සිට චීනය විවිද EEWS ඉදිකල අතර 2018 දී උස් කොටස් සහිත කලාප වල ක්ෂනික භූ කම්පන තීව්‍රතා වාර්තා කිරීමේ පද්ධතියක් ගොඩනගා තිබෙනවා. මෙම පද්ධතියට ඉදිරි භූමිකම්පාව තත්පර කීපයකින් ගණනය කල හැකි අතර එය සිදුවී විනාඩියක් ඇතුලත භූමිකම්පාව හදුනාගත හැකියි.

එලෙසම තුර්කි භූමිකම්පාවත් සමග ආපදා තත්වය විශ්ලේශනය කිරීමට හා සහන සම්පත් වෙන්කිරීමට චීනය ඉක්මනින් චන්ද්‍රිකා යෙදුවීමටත් කටයුතු කර තිබුණා.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.