Categories

iOS 17 ගැන ඔබ දැනගතයුතු සියල්ල

2023 ජූනි 5 වෙනි දින WWDC ප්‍රධාන දේශනයේදි Apple විසින් iOS 17 සමගින් එන නව විශේශාංග කීපයක් එලිදැක්වීමත් එක්ක පරිශීලකයන් නවතම යාවත්කාලීනය ලබාගන්න පුලුවන් ඩිවයිස් මොනාද අලුතින් එන feature මොනාද කියල දැනගන්න උනන්දුවෙන් පසුවෙනවා.

ඉතින් අද ලිපියෙන් කතා කරමු මේ සියලු දේ ගැන.

iOS 17 නිකුත් කරන්නේ කවද්ද..?

WWDC 2023 event එකේදි මේක එලිදැක්වුවත් එලබෙන සැප්තැම්බර් මාසය තෙක් එය දුරකථන තුලට නිකුත් නොකරනවා ඇති. ඒ අවසන් වරට සැප්තැම්බර්වලින් පිටත iOS Update එකක් නිකුත් කලේ 2011 ඔක්තොබර් මාසයේදී iOS 5 නිසායි.
2022දී iPhone 14 හා iOS 16 update එක අතර දින පහක පරතරයක් තිබු අතර 2021 දී එය දින 6ක් වුණා.
පහත විස්තර බැලුවොත් ඔබට දකින්න ලැබේවි පසුගිය වසර කීපය තුල iOS නවතම අනුවාදයන් නිකුත් කිරීම තරමක් ස්ථාවර බව.

  • iOS 16: 2022 සැප්තැම්බර් 12 සඳුදා
  • iOS 15: 2021 සැප්තැම්බර් 20 සඳුදා
  • iOS 14: 2020 සැප්තැම්බර් 16 බදාදා
  • iOS 13: බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 19, 2019
  • iOS 12: සඳුදා, සැප්තැම්බර් 17, 2018

එනිසා iOS 17 නිකුත් කරන දිනය 2023 සැප්තැම්බර් 11 ලෙස අනුමාන කල හැකියි.

 

iOS 17 beta නිකුත් කරන දිනය..?

සම්පූර්ණ යාවත්කාලීනයට පෙර පරිශීලකයන් හට beta version නිකුත් කිරීමට නියමිතයි.

ඒ අනුව Beta හි අපේක්ෂිත කාල රාමුව ලෙස

2023 ජූනි මැද : iOS 17 එලිදැක්වීම හා පලමු Developer beta එක නිකුත් කිරීම

2023 ජූලි : iOS 17 හි පලමු public beta එක නිකුත් කිරීම

2023 සැප්තැම්බර් මුල : iPhone 15 නිකුත් කිරීම

2023 සැප්තැම්බර් අග : iOS 17 අවසන් යාවත්කාලීනය නිකුත් කිරීම.

 

iOS 17 ලබාගත හැකි iPhones

iOS 17 iPhone 8 හා iPhoneX සදහා සහය නොදක්වනවා ඇති.

iPhone 8, 8 plus හා X එකම අවුරුද්දේ පැමිණි අතර ඒවායේ iOS 16 ධාවනය කල හැකි බැවින් තව වසර කීපයක් ඒවා හට සහය ලැබෙනු ඇති.

සියලු සහය දක්වන Updates පහතින් බලාගන්න පුලුවන්.

  • දුරකථනය 14
  • iPhone 14 Plus
  • iPhone 14 Pro
  • iPhone 14 Pro Max
  • iPhone 13
  • iPhone 13 මිනි
  • iPhone 13 Pro
  • iPhone 13 Pro Max
  • iPhone 12
  • iPhone 12 මිනි
  • iPhone 12 Pro
  • iPhone 12 Pro Max
  • iPhone 11
  • iPhone 11 Pro
  • iPhone 11 Pro Max
  • iPhone XS
  • iPhone XS Max
  • iPhone XR
  • iPhone SE(දෙවන පරම්පරාව හෝ පසුව)

දුරකථනයට තවත් වසරක් පුරාවට මෘදුකාංග සහය ලැබීමට නියමිත වුවද පැරණි දුරකථන හට සම්පූර්ණ නව විශේෂාංග නොලැබෙනවා ඇති.

iOS 17 හි නව විශේෂාංග

• Journal

මෙය විශේෂ අවස්ථාවන් වල මතකයන් ආවර්ජනය කල හැකි විශේෂාංගක්. මෙමගින් text,location හා ඡායාරූප සමග අත්දැකීම් මතක තබාගැනීමට හැකියි.

• Standby

Apple Standby iOS 17

මෙය Apple ඔරලොසුවෙන් පිටපත් කර ඇති අතර රාත්‍රියේදී දුරකථනය ස්ථාවරව තබා වේලාව බලාගැනිමට, ක්‍රීඩා ලකුනු මෙන්ම Live activity පවා නැරඹිය හැකියි.

• Contact posters

සම්බන්ධතා පෝස්ටර් iOS 17

මෙමගින් ඇමතුම් වලදී Contact card එක දිස්වන ආකාරය වෙනස් කිරීමට ඉඩ ලබා දෙනවා. මෙයට ඡායාරූපයක්,Font හා Colors ඇතුලත් කල හැකියි. Call kits සමග ක්‍රියා කරන බැවින් මෙය Third party VOIP apps සමගද භාවිතා කල හැකියි.

• Live Voicemail

සජීවී හඬ තැපෑල iOS 17

කවරුන් හෝ ඔබට කතාකර පණිවිඩයක් තැබුවහොත් ඔවුන් කතා කරන ආකාරය සජීවී පිටපත් ඔබට දැකගත හැකි අතර එබැවින් ඔබට එයට පිලිතුරු දීමට අවශ්‍ය දැයි බලා එය ලබාගැනීමට හෝ නොගෙන සිටීමට හැකියි.

• Facetime

FaceTime පණිවිඩයක් iOS 17 තබන්න
මෙමගින් ඔබට වීඩියෝවක් ලෙස පණිවිඩ යැවිය හැකියි.

• Messages

Messages පෙර⁣ට වඩා වේගවත් කා කාර්යක්ෂම වනු ඇති. search filters මගින් ප්‍රථිපල එකතු කිරීමට වචන එකතු කිරීමට ඉඩ ලබා දෙනවා. Group චැට් එකකදි කියවු නැති මැසේජ් බැලීමට කුඩා ඊතලයක් එක්කර තිබෙනවා.
Messages Swipe කිරීම මගින් ඒවාට Reply කල හැකියි.
එලෙසම Audi messages transcribed කර තිබෙනවා. මෙමගින් Audio messages ප්ලේ නොකර වචන ලෙස කියවිය හැකියි.

• Stickers

සියලුම ස්ටිකර්ස් එක් තැනක බලාගත හැකියි. සියලුම imoji Stickers ලෙස සකස් කර තිබෙනවා. පරිශීලකයන්හට එහි ප්‍රමාණය වෙනස් කිරීමටද හැකියි. ඡායාරූපයක ඇති object ස්ටිකර්ස් බවටද හැරවිය හැකියි. එලෙසම live animated photos මගින් චලනය වන Stickers ද නිර්මාණය කල හැකියි.

• Airdrop /Namedrop

watchOS 10 NameDrop විශේෂාංගය
Airdrop ක්‍රියා කරන ආකාරය වෙනස් කර තිබෙනවා. දුරකථනය සමීප කිරීමෙන් පමණක් තොරතුරු බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා.
Contact number මෙන්ම emails address, photos හා files මෙමගින් හුවමාරු කරගත හැකියි.
Apple Watch හරහාද මෙය ක්‍රියා කරන අතර හුවමාරු කරන අතරතුරදී අප ඉවත් වුවහොත් අන්තර්ජාලය හරහා දිගටම බෙදා ගැනීම සිදුවනවා. මෙය Shareplay සමගද වැඩ කරන බැවින් අප නරඹන දේ පවා බෙදාගැනීමට ඉඩ සලසනවා.

• Keyboard

පෙරට වඩා ස්වයං නිවරදි කිරීම නිවරදිව ක්‍රියා කරනු ඇති අතර ටයිප් කර ඇති වචන නැවත බැලීමට යටින් ඉරි ඇදි වචනය ටච් කල හැකියි. ටයිප් කරන විට predict වචන දිස් වන අතර ස්පේස් බාර් එක ටච් කිරීම මගින් ඒවා එක් කල හැකියි.

• Siri
සෑමවේලාවකදීම hey siri පැවසිම අවශ්‍ය නොවන අතර එක් වරක් පමණක් පැවසීමට වෙනස් කර තිබෙනවා.

• Third party app store

මැත වාර්තාවකදී දක්වා සිටියේ iOS 17 හි iPhone විවෘත කරන අතර එය App store හි පිටත යෙදුම් බාගත කිරීමට ඉඩ සලසන බවයි. එලෙසම ගෙවීම්වලදී Apple pay ⁣සදහා NFC භාවිතා කිරීමට හැකියි.

• 2FA

iOS 2FA SMS
ඔබට sms හරහා ලැබෙන 2Factor codes යතුරු පුවරුවට ඉහලින් පහත දැක්වෙන ලෙස බලාගත හැකි ලෙස වෙනස් කර තිබෙනවා. මෙමගින් වෙබ් අඩවියෙන් හො ඇප් එකෙන් ඉවත් නොවී සත්‍යාපන කේතය පිරවිය හැකියි.
කෙසේ නමුත් මෙය දැනට ක්‍රිය⁣ාකරන්නේ apple හි password විශේෂාංගයෙන් ලැබෙන කේත සදහා පමණයි.

ඉතින් Apple විසින් නිකුත් කරන්න යන මේ iOS 17 update එක ගැන හා විශේෂාංග ගැන ඔයාලට හිතෙන දේවල් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්

source : macworld

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.