Categories

චීනය PCs මිලියන 6කට සමාන performance සහිත දිය යට දත්ත මධ්‍යස්ථානයක් ඉදිකිරීම ආරම්භ කරයි.

චීනය විසින් sanya වෙරළට ඔබ්බෙන් වූ හයිනාන් දූපත ආසන්නයේ ලොව පලමු වානිජ දියයට දත්ත මධ්යස්ථානය ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා.
මෙහි එක් දත්ත ගබඩා ඒකකයක් පරිගණක 60,000ක ක්රියාකාරිත්වයට සමාන වන අතර පරිගණක මිලියන 6ක⁣ට සමාන සමස්ත හැකියාවකින් දත්ත ගබඩා ඒකක 100ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.
එලෙසම මෙම සෑම දත්ත ගබඩා ඒකකයකටම Full HD Images මිලියන 4කට අධික ප්රමාණයක් තත්පර 30කින් සැකසීමේ හැකියාව පවතිනවා.
ස්වභාවික සිසිලනය සදහා මුහුදු ජලය භාවිත කිරීම මගින් වාර්ෂිකව කිලෝවොට් පැය මිලියන 122ක් ඉතිරි කර ගැනීම මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණ වී තිබෙනවා.
මෙය ගොඩබිම් දත්ත මධ්යස්ථාන වලට වඩා 40%-60% දක්වා බලශක්ති කාර්යක්ෂමතාවකින් සමන්විත අතර මෙය ඉදිකිරීමට සම්පූර්ණ වියදම ඩොලර් මිලියන 879ක් ලෙස ගනන් බලා තිබෙනවා.
Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.