Categories

Electronic Arts විසින් ක්‍රීඩකයින්ට ගේම්ස් තුලදී Characters සදහා ඔවුන්ගේම කටහඩ එක් කිරීමට ඉඩ සලසන විශේෂාංගයක් ගැන Patent බලපත්‍රයක් එලි දක්වයි

Electronic Arts විසින් ක්රීඩකයින්ට ගේම්ස් තුලදී Characters සදහා ඔවුන්ගේම කටහඩ එක් කිරීමට ඉඩ සලසන විශේෂාංගයක් ගැන Patent බලපත්රයක් එලි දක්වා තිබෙනවා. මෙය 2020 දී ගොනු කර තිබෙන අතර පසුගිය මාසයේදී ප්රකාශයට පත් කර තිබෙනවා.
Patent බලපත්රයට අනුව speech එකට අදාල දත්ත input කල පසු එය synthesiser module, voice convertor එකක් හා Vocoder එකක් හරහා යැවීමෙන් පසු Sample එකට අදාල අලුත් Dialog එක නිර්මාණය කරනු ලබනවා.
මීට පෙර Games වලදි Speech Generate කිරීම සදහා text to speech system භාවිත කල අතර ඒවාහිදි text මගින් audio generate කිරීම සදහා synthesiser භාවිත කරනු ලැබුවා.
Patent එකට අනුව synthesiser එකට accurately voice capture කිරීමට පැය ගණන් වල sample voice අවශ්ය වනවා. වෙනත් voice එකක් අවශ්ය වුවහොත් නව පැය ගනන් voice සාම්පල් සමගින් නැවත Synthesiser එක train කල යුතු වනවා.
කෙසේ නමුත් patent එක දක්වන ආකාරයට මෙහිදී Voice convertor එකක් හා මිනිත්තුවක පමණ ක්රීඩකයාගේ Voice සාම්පල සමගින් audio එක generate කල හැකියි.
EA's Game-Changing Patent: Players Could Soon Voice Their In-Game Characters,  Redefining Virtual Narratives. Gaming news - eSports events review,  analytics, announcements, interviews, statistics - 2MKjjz7zo | EGW
ඒ අනුව ක්රීඩකයන්ට සංවාදය සදහා Type කල හැකි වන අතර පසුව text එකට අදාල Speech එක generate කරනු ලබනවා.
Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.