Categories

සේවකයින් විසින් sam altman ව OpenAI සමාගමෙන් ඉවත් කිරීමට ඉල්ලා සිටියේ Q* ( Q-Star) නම් වඩාත් ප්‍රබල AI පද්ධතිය ගැන බිය වූ නිසාද ?

නොවැම්බර් මාසයේදි OpenAI සමාගමේ සාරාංශය බැලුවොත්, එකපාරම OpenAI සමාගම Sam Altman ව OpenAI සමාගමෙන් ඉවත් කළා වගේම ඊට දවස් 3-4කට පස්සේ ආයෙමත් Sam Altman ව සමාගමට කැඳවන්න කටයුතු කර තිබුණා.

Sam Altman is CEO of OpenAI, the company known for creating the artificial intelligence chatbot called ChatGPT. OpenAI is reportedly developing a more powerful AI called Q*, which could be the reason he was fired, according to news reports
Sam Altman

මෙතනදි විශේෂ වුණේ Sam ව ඉවත් කිරීමට කලින්, මනුශ්‍යත්වයට වඩාත් තර්ජනයක් විය හැකි AI පද්ධතියක් ගැන සමාගමේ පර්‍යේශකයන් කිහිප දෙනෙක්ම ඔවුන්ගේ අධ්‍යක්ශවරුන්ට ලිපියක් මගින් සඳහන් කිරීම.

දැන් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් හෙළි වුණ කරුණු සමග රොයිටර් ප්‍රකාශ කරන්නේ, OpenAI සමාගම විසින් අත් හදා බලමින් සිටින Q* (Q star) නම් ප්‍රභල AI පද්ධතියේ භයානකත්වය ගැන මේ ලිපියේ අන්තර්ගත වුණා කියලා.
ඒ වගේම Sam ව සමාගමෙන් ඉවත් කරන්නත් හේතුව මේ Q* project එක වෙන්න පුලුවන් කියලා ඔවුන් ප්‍රකාශ කරන්නේ.

People working in AI have warned that once computer scientists achieve AGI, it may become more powerful than humans can contend with. They could even view humans as a threat that must be eliminated
People working in AI have warned that once computer scientists achieve AGI, it may become more powerful than humans can contend with. They could even view humans as a threat that must be eliminated

Q*(Q star)

What is OpenAI's Q* or Qstar mathematical algorithm? - Geeky Gadgets

Q star ලෙස හඳුන්වන OpenAI සමාගමේ රහසිගත project එක ගැන දැන් ලොකුවටම කතා බහක් යනවා.

මේ සතියේ සම්මුඛ සාක්ච්ඡාවකදී, ඔහුගේ ඉවත් කිරීමට හේතුව ලෙස සේවකයින් පැවසූ මෙම Q* පිළිබඳව සෑම් ගෙන් අහන ප්‍රශ්ණයකදී ඔහු එය ගැන ප්‍රතික්ශේප නොකර සඳහන් කරන්නේ Q* හෙළිදරව් කිරීම “Unfortunate leak” ලෙසටයි.

ඒ වගේම තමා සේවකයින් විසින් මෙම project එකේ භයානක කම ගැන Sam ට පැවසුවත් ඔහු එම අනතුරු ඇඟවීම් බැරෑරුම් ලෙස නොසලකන බවටත් සේවකයින් සඳහන් කරලා තිබුණා.

OpenAI හී බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ Q* යනු AGI (Artificial General Interlligence) සඳහා ආරම්භක ඉදිරි ගමනක් විය හැකි බවටයි. ( සාමාන්‍ය කැල්කියුටර මෙන් නොව AGI හට සාමාන්‍යකරණය, ඉගෙනීම සහ තේරුම් ගැනීම පවා සිදු කළ හැකි වනවා. )

 

දැනටමත් විශාළ පරිගණක සම්පත් ලබා දීම හරහා නව AI පද්ධතියට, ගණිතමය ගැටළු විසඳිය හැකි වී තිබෙනවා.

දැනට AI සංවර්ධනයේ ප්‍රධාන මායිමක් වන්නේ ගණිතයයි. පර්‍යේශකයන් පවසන්නේ එක් නිවැරදි පිළිතුරක් පමණක් ඇති විටකදි AI හට මානව බුද්ධියට සමාන තර්ක කිරීමේ හැකියාවක් ඇති නම් එයට ගණිතය කිරීමට ඇති හැකියාව ජය ගත හැකි බවයි.

සේවකයින් මණ්ඩලයට ඉදිරිපත් කරපු ලිපියේ ඇති බොහෝ කරුණු තවමත් රහසක් වුණත් ඉදිරියේදී තවත් දේවල් දැනගන්න පුලුවන් වේවි.
සමාගමේ Q* එකත් ඇතුළුව……..

 

sources: Daily mailReuters

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.