Categories

OPENAI විසින් මිලිටරි සහ යුද්ධ සඳහා CHATGPT භාවිතා කිරීමේ තහනම ඉවත් කරයි

OpenAI විසින් ඔවුන්ගේ Usage Policy තුළින් මිලිටරි සහ යුද්ධ සඳහා ඔවුන්ගේ තාක්ශණය භාවිතා කිරීම තහනම් කිරීමේ ප්‍රකාශණය වෙනස් කර තිබෙනවා.

පසුගිය ජනවාරි 10 වනතෙක් OpenAI හී Usage Policy තුළ සඳහන් වී තිබුණේ “ආයුධ සංවර්ධනය” සහ “මිලිටරි සහ යුධ ක්‍රියාකාරකම්” තහනම් බවටයි.

කෙසේ වෙතත් නව Usage Policy හරහා
“අන් අයට හානි කිරීම සඳහා අපගේ සේවාව භාවිතා නොකරන්න” යනුවෙන් සඳහන් කරමින් “ආයුධ සංවර්ධනය කිරීම හෝ භාවිතා කිරීම” උදාහරණ ලෙස ලබා දී තිබෙන අතර “මිලිටරි සහ යුධ” භාවිතය පිළිබද පැවති ප්‍රකාශය ඉවත් කර තිබෙනවා.

සයිබර් ආරක්ශණ සමාගමක් වන Trail Of Bits හී Engineering Director වන Heidy Khlaaf පැවසුවේ “OpenAI විසින් ඔවුන්ගේ තාක්ශණය සහ සේවාවන් මිලිටරි යෙදුම් සඳහා භාවිත කිරීම නිසා ඇති විය හැකි අවදානම් සහ හානි පිළිබඳව හොදින් දනී” යනුවෙනුයි.

දැනට Large Language Models (LLMs) හී නිරවද්‍යතාවයේ පවතින ඌනතා නිසා මිලිටරි යුද්ධ සඳහා මෙම තාක්ශණයන් භාවිතා කිරීම උග්‍ර සිවිල් ජීවිත හානි සහ හානිදායක මෙහෙයුම් වලට තුඩු දිය හැකි වෙනවා.

 

source: The Intercept

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.