Categories

Tetris ක්‍රීඩාව පරාජය කල ලොව පලමු පුද්ගලයා බවට willis gibson පත්වෙයි.

1964 ජූනි 6 නිකුත් කරපු Tetris ගේම් එක අපි හැමෝම වගෙ සෙල්ලම් කරපු ගේම් එකක්.
එක එක හැ⁣ඩයෙ කොටස් එකම පේලියකට තියල ⁣එකමත එක ගොඩගැහෙන එක වලක්වගන්න එක තමයි මේකෙ කරන්න තියෙන්නෙ.

ඉතින් වසර 34කට පසු willis gibson ( aka Blue Scuti නැමැති අවුරුදු 13ක ලමයෙක් මේක්‍රීඩාව පරාජය කරන්න සමත් වෙනවා. ඒ level 157 දී kill screen එකට ලගාවෙමින් ගේම් එක crash කල පලමු පුද්ගලයා බවට ලෝක වාර්තාවක් එක් කරමින්.

මේක එච්චර වැදගත් වාර්තාවක්ද.., මෙය ඉදිරියේදී බිද දැමීමට පුලුවන් වෙයිද මේ ගැන කතා කරන්න අපි මුලට යමු.

1989 නිකුත් කල මෙහි සෑම පේලි 10කට පසු මෙහි එක් level එකකට ලගාවිය හැකියි.
සෑම ලෙවල් එකක් පසුකිරීමෙන්ම මෙහි වේගයද ටිකෙන් ටික වැඩි වනවා.
මෙහි වේගවත්ම ලෙවල් එක 29ය වු අතර එකල සිටි කිසිවකුට මෙම ලෙවල් 29 පසු කල නොහැකි වුනා. එනිසාම දශකයක් පමණ මෙය ගේම් එකෙහි අවසානය හෙවත් kill screen එක බව පිලිගැනුනා.
කෙසේ නමුත් එය game එකෙහි kill screen එක නොවෙන බව දැක්වුනේ තවමත් ඉදිරියට කෙසේහෝ එය ක්‍රීඩා කල හැකිවූ නිසායි.

නමුත් 2011 ජනවාරි 30 දී thor aackerlund විසින් ලෙවල් 30ට ලගාවූ පලමු පුද්ගලයා බවට පත්වෙනවා. ඒ hypertapping ලෙස හැදින්වෙන ටෙක්නික් එක මගින්. මෙහිදී ඇගිලි vibrate කිරීම මගින් ගෙි්ම් ⁣එකෙහි built in speed එකට වඩා වේගයක් ලබාගත හැකිවුනා. ඒවගේම මෙම ලෙවල් 29 ගේම් එකෙහි උපරිම වේගය ඇති ලෙවල් එක නිසා එතනින් එහාට තිබු ලෙවල් හි නැවත වේගය වැඩි වීමක් සිදු වුනේ නැහැ. එනිසාම ලෙවල් 29 පසු කල පසු එයින් ඉදිරියට යාම අපහසු වුනේ නැහැ.

මෙතනින් පසු ගේම් ⁣එකෙහි ඉදිරි වාර්තාවන් රැදී තිබුනේ ක්‍රීඩකයන්ගේ hypertapping ස්පීඩ් එක මතයි.
කෙසේ නමුත් තෝර් ගේ 2011 වාර්තාව බිද දැමෙන්නේ වසර 7කට පසුවයි. ඒ joseph saelee විසින් 2018 සැප්තැම්බර් 24 ලෙවල් 31ට පසු කිරීමත් සමගයි. එලෙසම ඔහු 2018,2019,2020,2020 යන වසරවල් තුල ලෙවල් 31 සිට 35 දක්වා වාර්තාවන් ඉදිරියට ගෙන ඒමට සමත් වුනා.

නමුත් 2020 නොවැම්බර් 16 වේගවත් hypertapping හැකියාවත් සමග EricLCX විසින් ලෙවල් 37 හා 38 ලගාවෙමින් නව වාර්තාවන් දෙකක් පිහිටුවනු ලබනවා.

මෙයින් පසුව ලෙවල් 38න් එහාට යාමට නව ටෙක්නික් එකක අවශ්‍යතාවය ඇතිවුනා.
පසුව rolling නැමැති ටෙක්නික් එක පැමිණි අතර එයින් වාර්තාවන් සිියල්ල නැවත අලුත් වීමට පටන් ගැනුනා.
Cheez නම් ක්‍රීඩකයෙක් විවිද button smashing strategies දෙකක් එකට එක් කරමින් නිර්මාණය කල මෙම rolling නැමැති ටෙක්නික් එක hypertapping එකට වඩා දෙගුණයක් වේගවත් වීම නිසාම 2021 මැයි 6 ලෙවල් 40ට ලගාවු පලමු පුද්ගලයා බවට cheez පත්වෙනවා.
පසුව ලෙවල් 41 සිට 63 දක්වා 2021 වසරේම වාර්තාවන් විවිද ක්‍රීඩකයින් යටතේ අලුත් වන අතර 2022 අප්‍රේල් 1 වැනි දින ලෙවල් 95 වාර්තාව පිහිටුවීමට EriclCX සමත් වෙනවා.

මෙහි කලර් පැටන් සැම ලෙවල් 10කටම එක සමාන වු නමුත් ලෙවල් 138න් පසු මෙහි කලර් වෙනස් වීමට පටන් ගැනෙනවා. එනිසාම සමහර කලර් ඇසට අපහසු නිසා මෙහි ඉදිරියට යෑම තරමක් අපහසු වුවා.

කෙසේ නමුත් ericlCX විසින්ම ඔහුගේ පෙර වාර්තාව අලුත් කරන්නේ 2022 අගොස්තු 17 ලෙවල් 146ට ලගාවෙමින්.
2023 නොවැම්බර් 17 pixelAndy විසින් level 148 ලගා වු නමුත් එහි dark කලර් පැටන් එක නිසා එයින් ඉදිරියට යාමට ඔහු සමත් වන්නේ නැහැ.

2021 දී greg cannon විසින් stackRabbit නම් AI එකක් නිපදවු අතර එමගින් Game එක කිසිදු අපහසුවකින් තොරව ඉදිරියට play කිරීමට හැකිවුනා. ඔහු සැම කලර් පැටන් එකක්ම නම් කල අතර 146 දී dusk පැටන් එක හා 148 දී charcol නම් කලර් පැටන් දෙක අපහසුම කලර් පැටන් දෙක වුනා.
ලෙවල් 235 තුල ලයින් 800 තිබු අතර ලෙවල් 236 දී kill screen එකට ලගාවෙමින් ගේම් එක crash වීමක් සිදුවුනා.

පසුව blue scuti හෙවත් gibson විසින් charcoal ලෙවල් එක පසු කරමින් ලෙවල් 149ට ලගාවීමට සමත් වෙනවා.
එලෙසම ඔහු ඉදිරියටම යමින් ලෙවල් 153 ට ලගාවෙමින් වාර්තාවක් පිහිටුවනු ලබනවා.

පසුව ඔහු නැවත වරක් ගේම් එක ආරම්භ කල අතර එහිදී වාර්තාව අලුත් කරමින් ලෙවල් 154ට ලගාවීමට සමත් වෙනවා.
එහිදී ඔහු තවත් ඉදිරියට යමින් ලෙවල් 157ට ලගාවෙන අතර ලෙවල් 157 දී ගේම් එක crash වනුලබනවා.

එලෙසම මෙය ගේම් එක එක ක්‍රීඩකයා පරාජය කිරීමට කලින් ක්‍රීඩකයෙකු ගේම් එක පරාජය කල පලමු අවස්ථාවයි.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.