Categories

Nvidia Game සදහා AI එක් කරමින් NPC සමග කතාකිරීමට අවස්ථාව ලබාදෙයි.

තාක්ෂණික දැවැන්තයෙක් වන Nvidia, පරිඝණක ක්‍රීඩා වඩාත් ජීවමාන කරමින් Nonplayble Character සමග කතා කිරීමට හැකියාව ලබාදී තිබෙනවා.

ඒ එහි avatar Cloud engine generative AI යොදාගනිමින්. ඉරිදා වාර්ෂික Computex2023 වෙළද ප්‍රදර්ශනයේදී ACE හි නිදර්ශකයක් ඔවුන් නිකුත් කල අතර AI එක් කල Game එකෙහි Bar එකක සිටින Non playable Character එකක් සමග කතා කරන අයුරු එහි දැක් වෙනවා.

මෙම චරිතය කෘතිම බුද්ධීය හා විශාල භාෂා ආකෘතිවලින් පුරවා ඇති නිසා එයට ඔබ පවසන ඕනැම දෙයක් තේරුම් ගතහැකි සේම සාමාන්‍ය අයුරින් පිලිතුරු පවා ලබාදීමට හැකියි.

Nvidia මෙම එන්ජිම Convai සමාගම සමග එක්වෙමින් නිර්මාණය කර ඇති අතර NPC වල පසුබිම් කතා හා පෞරුෂයන් වෙනස් කිරීමට මෙන්ම සජීවි සංවාද වලදී ශ්‍රව්‍ය ආදාන වලින් මුහුනේ සජීවිකරන සිදු කිරීමට NeMo, Riva හා Omniverse Audio2face ඒකාබද්ධ කර තිබෙනවා.

NeMo
නෙමො කියන්නෙ ක්‍රීඩා ලොකයට ගැලපෙන විදියට චරිත, පසුබිම් කතා හා පෞරුෂයන් එක් කිරීම⁣ට, වෙනස් කිරීමට හැකි භාෂා ආකෘතියක්. මෙමගින් හැසිරීම් ක්ලොන් කිරීම මගින් භාෂා ආකෘතියට නියම කර ඇකි උපදෙස් අනුව භූමිකාව රග දැක්වීමට ඉඩ සලසනු ලබනවා.

Riva
මෙමගින් ස්වයංක්‍රීය කථන හදුනා ගැනීම් හා Text to speech හැකියාවන් ලබා දෙනවා.
එනිසා මෙයින NeMo සමගින් සංවර්ධනය කරන ලද NPC සමග සජීවී සංවාද කල හැකියි.

Omniverse Audio2face
Audio clip එකකින් මුහුනේ ඉරියව් වෙනස් කිරීමට මෙයට හැකියාව තිබෙනවා.
Unreal engine 5 සමග සම්බන්ද කර ඇති අතර මෙයින ක්‍රීඩාව තුල ජනනය කරන පිලිතුරු වලට අදාල ඉරියව් වෙනස් කිරීම සිදු කරනු ලබනවා.

නවතම වෙනස් කිරිමත් සමග අගහරුවාදා සමාගම බර්ක්ෂයර් හැත්වේ(ඩොලර් බිලියන 709) , මෙටා (ඩොලර් බිලියන 671), හා ටෙස්ලා (ඩොලර් බිලියන 612) ඉක්මවායමින්
ඩොලර් බිලියන 963ක ප්‍රාග්ධනයකට ලගා වූවා.
එමෙන්ම එමගින් කාර්තුව තුල 19% ඉහල යාමක්ද පෙන්නුම් කර තිබෙනවා

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.