Categories

Whatsapp වල අලුතින් එන Sticker Suggestions Feature එක

No description available.

 

Privacy policies ගැටලු මැද වට්ස්ඇප් තම මැසෙන්ජින් ඇප් එකට තවත් විශේෂාංග එකතු කරමින් ඉන්නවා. මැතකදි Archived chat සදහටම Mute කරන feature එකක් ඇඩ් කරා මතක ඇති.

දැන් පරිශීලකයන්ට ඔවුන්ගේ chat වලට අදාල ස්ටිකර් හොයා ගන්න උදව්වෙන්න ඔයා⁣ලගෙ Message එකට අදාලව Automatically Sticker Suggest වෙන අංගයක් Whatsapp එකතු කරලා තියනවා.

නව “Search for Sticker Shortcut” විශේෂාංගය Android හි Whatsapp beta build #2.21.12.1 හි සජිවීව පවතිනවා.ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඉතා සුලු පිරිසකට පමණයි ඒක ඇවිත් තියෙන්නෙ.

•කොහොමද මේක වැඩ කරන්නෙ

මේක හුගක් සරල එකක්, Whatsapp chat එකකදි චැට් බොක්ස් එකේ වචනයක් ටයිප් කරාම ඒක ඇප් එකට Detects උනොත් චැට් බොක්ස් එකේ වම් පැත්තෙ තියන Imoji හරි Sticker Button එක කොල පාටට හැරෙනවා. එ්කෙන් ඔයා ටයිප් කරපු වචනෙට අදාල ස්ටිකර් පෙන්නනවා.
Sticker Button එක ටච් කරලා Keyword එකට අදාල සියලුම Stickers බලාගන්න පුලුවන්.

නමුත් මේ විශේෂාංගය දැනට Third party stickers app හෝ Whatsapp sticker maker ඇප් වල නිර්මාණය කරපු ඒවා මත⁣ ක්‍රියා කරන්නෙ නැහැ.
කෙහොම උනත් ස්ටිකර් පැක් හදන අය⁣ට අනාගතයෙදි Whatsapp වල ඇල්ගොරිතම මගින් හදුනාගන්න පුලුවන් විදියට එයාලගෙ නිර්මාණ වචනත් එක්ක සම්බන්ධ කරන්න පුලුවන්.

මේක ඔයාලට ඇව්ල්ලද කියලා බලාගන්න පුලුවන් චැට් බොක්ස් එක ඕපන් කරලා වචනයක් ටයිප් කරලා බලන්න.sticker button එක කොල පාටට හැරෙනවද කියලා.
කෙහොම උනත් උඩ කිව්වා වගේ දැනට සුලු පිරිසකට තමයි මේක ඇවිත් තියෙන්නෙ.

ඔයාලට මේක Update කරලා බලන්න පුලුවන් නැත්තම් ගෝලීයව නිකුත් කරනකම් බලන් ඉන්න වෙනවා.

 

Article written by Sahan Nimesha Samarakoon