Categories

දරුවන්ගේ අනාගතය විනාශ කරන්නේ දෙමව්පියන්මද ?

ඔයා social media වලට අප්ලෝඩ් කරන ඔයාගේ දරුවගේ ෆොටො/ වීඩියො අසභ්‍ය වෙබ් අඩවියක තියනවා දැක්කොත් ඔයාට මොනවා හිතෙයිද ?

ඉතින් අද කතා කරමු social media වල කුඩා ළමයින්ගේ දත්ත බෙදා ගැනීමේ අඳුරු පැතිකඩ ගැන.

දෙමව්පියන් තමන්ගේ දරුවන්ගේ ඡායාරූප social media වල පළ කරන එක දැනටමත් සාමාන්‍ය දෙයක්. (එෆ් බී එකේ වයිරල් වෙන ලංකාවෙ සමහර පොඩි උන්ගෙ වීඩියො ගැන නම් නෙමේ)

ඒ වගේම සාමාන්‍යයෙන් දරුවෙක් වයස අවුරුදු 13 වෙන්න කලින් 1,300 වතාවක් ඔහුගේ/ඇයගේ පින්තූර social media හරහා බෙදාගන්නවා.

ඔයා මේ අප්ලොඩ් කරන ෆොටොස් අසභ්‍ය විදියට සකස් කරන්නත්, ලෝකයේම විහිළුවක් වෙන memes එකක් වෙන්නත්, digital විදියට kidnap වෙන්නත් පුලුවන් අවස්ථාව දැන් ගොඩක්ම වැඩියි.

දැන් තියෙන AI tools එක්ක මේක කරන්න බැරි දේකුත් නෙමේ කියලා ඔයාලා දැනටමත් දන්නවා.

????Meredith steele කියන්නේ තම ගැහැණු ළමයාගේ සහ පිරිමි ළමයගේ ඡායාරූප නිතරම Instagram හරහා පළ කරන කාන්තාවක්. ඇය Instagram හරහා ඇය පවුලේ අය සමග සිදු කරන දේවල් ගැන videos/photos බෙදාගන්නවා. කුස්සියේ උයන කාර්‍යයේ ඉදලා දරුවන්ගේ සාමාන්‍ය දේවල් පවා ඇය මේ විදියට Instagram හරහා share කරගන්නවා.

ඒත් මේක භයානක වෙන්නේ ඇයගේ දරුවන්ගේ ඡායාරූප තිබෙන සහ 5000 පමණ followers සිටින වෙනත් instagram ගිණුමක් ගැන steele දැනගත් පසුවයි.
මේක දැනගන්නේ ඇය පවුලේ අය සමග කෑමට යන අවන්හලේ කළමනාකරු ඇයට ” ඔබ සහ ඔබේ දරුවන් අවන්හලේ ආහාර ගන්නා ඡායාරූප instagram හරහා පළ කර අපිව tag කර තිබෙනවා. එහෙත් එය ඔබේ Instagram ගිණුම නොවේ” යනුවෙන් පැවසීමත් සමගයි.

මෙහිදී එම fake ගිණුමේ මාස 6ක් පුරාවටම ඇයගේ සහ දරුවන්ගේ ඡායාරූප පළ කර තිබෙනවා.

????දිවා සුරැකුම් සේවකයෙක් වන vitaly විසින් anastasia zhadina ගේ පුතාට අසභ්‍ය වචන පැවසීමට ඉගැන්වූ අතර පසුව ඔහු ඒවා පටිගත කර අන්තර්ජාලය හරහා බෙදා ගන්නවා. මෙය අවසන් වෙන්නේ වීඩියෝව වයිරල් වී දෙහැවිරිදි දරුවා meme එකක් වීමෙන් පසුවයි.

????Natusha නම් කාන්තාවක් ප්‍රකාශ කළේ තමන්ගේ වයස අවු:7ක් වූ පුතා හය හැවිරිදි ගැහැණු ළමයෙකුට telegram හරහා කතා කරන බවට විශ්වාස කළ බවත් එය අවසන් වූයේ කුඩා ගැහැණු ළමයෙකු ලෙස පෙනී සිටි වැඩිහිටියෙකු විසින් ඔහුගේ පුතාගෙන් උඩුකය නිරුවත් ඡායාරූප ඉල්ලීමත් සමග බවයි.
මෙහිදී එම වැඩිහිටි පුද්ගලයා ඇයගේ දරුවාට සම්පූර්ණ නිරුවත් දැරියකගේ ඡායාරූප පවා එවා තිබෙනවා.

තාක්ශණය කියන එක දියුණු වෙනවා මිසක් ඒක අපිට නවත්වන්න බැහැ. ඉතින් දැන් තියෙන තාක්ශණයත් එක්ක කල්පනාවෙන් වැඩ කරන එක තමා අපිට කරන්න පුලුවන් එකම දේ.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.