Categories

පෙන්ටගනය අසල පිපිරීමක් පෙන්නුම් කෙරෙන AI – generated රූපයක් නිසා එක්සත් ජනපද කොටස් වෙළඳපල පහත වැටේ

පෙන්ටගනය අසල පිපිරීමක් පෙන්නුම් කෙරෙන AI – generated රූපයක් ගිය සඳුදා ට්විටර් හී වයිරල් වීමත් සමග එක්සත් ජනපද කොටස් වෙළඳපල සීඝ්‍රයෙන් කඩා වැටී තිබෙනවා.

National news organizations ඇතුළු verified ට්විටර් ගිණුම් විශාළ ප්‍රමාණයක් ද මෙම ඡායාරූපය ට්විටර් හරහා බෙදාගෙන තිබෙන අතර මෙම සිද්ධිය නිසා මිනිත්තු 5ක් තුළ S&P 500 පොයින්ට් 10කින් පහත වැටී තිබෙනවා. විවිධ ප්‍රවෘත්ති මූලාශ්‍ර මගින් මෙය සත්‍ය ලෙස වාර්තා කිරීමත් සමග එය පොයින්ට් 30න් පහළ වැටී තිබෙනවා. ඒ අනුව මෙහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියන 500ක වෙළඳපල වටිනාකමක් වෙනස් වී තිබෙනවා.

Fake image showing an explosion at the Pentagon goes viral on Twitter - sending  markets plummeting

Genevieve Roch-Decter, CFA on Twitter: "This AI-generated image of an  explosion at the Pentagon tricked several breaking news accounts, and  caused the stock market to drop temporarily @elonmusk this is why we

කෙසේ වෙතත් ආර්ලින්ටන් ගිනි නිවන දෙපාර්තමේන්තුව මෙම සිදුවීම නිශ්ප්‍රභා කර තිබුණේ පෙන්ටගනයේ රක්ශිතයේ හෝ එම ආසන්නයේ කිසිම පිපිරීමක් හෝ සිදුවීමක් නොමැති බවයි.

මෙම සිදුවීමත් සමග බොහෝ අය උසස් AI තාක්ශණයට දොස් පවරා තිබෙන අතර තවත් අය මෙම ඡායාරූපයේ සත්‍යතාව පරික්ශා නොකර ට්වීට් කළ ට්විටර් ගිණුම් වලට බැන තිබෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.