Categories

නඩු විභාගයෙන් අනතුරුව Xiaomi සමාගම Blacklist එකෙන් ඉවත් කිරීමට එක්සත් ජනපදය එකඟ වෙයි

No description available.

පසුගිය ජනවාරි මාසයේදී ඇමෙරිකානු ආරක්ෂක අංශ වල උපදෙස් අනුව Xiaomi සමාගම ඇතුළු සමාගම් 9ක් චීන යුධ සමාගම් ලෙස සළකා blacklist කිරීමට කටයුතු කරනු ලැබූ බව ඔබට මතක ඇති.

හිටපු ඇමරිකානු ජනපති Donald Trumph පරිපාලනය විසින් Xiaomi සමාගම සඳහා ඇමරිකානු ආයෝජන සිදු කිරීම සීමා කරමින් military blacklist එකට, එහෙමත් නැතිනම් අසාදු ලේඛනයට ඇතුලත් කළ නමුත් මේ වන විට Xiaomi ccorporation එක එයින් ඉවත් කිරීමට එක්සත් ජනපද රජය එකඟතාවකට පැමිණ තිබෙනවා.

හිටපු ජනාධිපති යටතේ එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් Xiaomi සමාගම කොමියුනිස්ට් චීන මිලිටරි සමාගමක් ලෙස නම් කරමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමෙන් පසු චීන තාක්ෂණික දැවැන්තයා මේ වසර මුලදී රජයට එරෙහිව නඩු පැවරූ අතර, මෙම නව තීන්දුව ප්‍රකාශයට පත් වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

මෙම නඩු විභාගය වැඩිදුර ගෙන නොගොස් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට අදාළ පාර්ශවයන් එකඟ වී ඇති අතර මීට සම්බන්ධ ඒකාබද්ධ යෝජනාවක් මැයි 20 දිනට පෙර නිකුත් කිරීමට නියමිතයි.

Xiaomi සමාගම මෙලෙස මෙම චෝදනා වලින් නිදහස් වුවද චීන හමුදාවට සම්බන්ධ සමාගම් වල ඇමරිකානු ආයෝජන පිළිබඳව එක්සත් ජනපද රජය ඉතා සැළකිල්ලෙන් පසු වන බව ධවල මන්දිරය විසින් යළි යළිත් සිහිපත් කරමින් සිටින අතර, නව ඇමරිකානු ජනපති Joe Biden විසින් පවා එවැනි චීන සමාගම්වලින් එක්සත් ජනපදයේ සිදු කළහැකි ආයෝජන පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන බව හා එවැනි සමාගම් මත පීඩනය පවත්වා ගැනීමට පූර්ණ වශයෙන් කැපවී සිටින බවට සඳහන් කර තිබෙනවා.

 

copy