Categories

ඉදිරියෙදී Whatsapp වලට අලුත් Feature තුනක්….

 

Facebook සිය F8 සංවර්ධක සමුලුවෙදී whatsapp පිලිබදව කිසිවක් නොපැවසුවත් අද,Facebook හි CEO මාර්ක් සකර්බර්ග් ඉදිරි දින කීපය තුලදී Whatsapp වලට නව විශේෂාංග තුනක් ලැබෙන බව තහවුරු කලා.

WABetainfo හට මැතකදි Whatsapp හි CEO විල් කැත්කාර්ට් හා මාර්ක් සකර්බර්ග් සමග සංවාදයකට අවස්ථාවක් හිමි වූ අතර එහිදි සකර්බර්ග් හෙලි කලේ
“Disappearing Mode” හා “View Once” යන නව විශේෂාංග දෙක ඉක්මනින් වට්ස්ඇප් වෙත පැමිනෙන බවයි.
එමෙන්ම ඉදිරි සති කීපය තුල Beta testing multi device support ආරම්භ කරන බවත් පැවසුවා.

1.Disappearing ModeNo description available.

ඔයාලගෙ හැම චැට් එකකටම Disappearing mode එක සක්‍රීය කරන්න පුලුවන්.
නොදන්නා අය සදහා මේක එලිදැක්වූ අතර එයින් දින 7කට පසු චැට් එකක සියලු messages Automatically මකා දමයි.
ඒවගේම self destructing messages වලට “24 hour” option එකක් ⁣පවා මැතකදි චෙක් කරා මතක ඇති.

2.View Once

No description available.

මේ option එක enable කරලා තිබ්බොත් ඔයා කාටහරි යවන ඡායාරූපය හරි වීඩියෝව හරි එයාට එක් වරක් පමණයි බලාගන්න පුලුවන්. එයා ඒක ඕපන් කරපු ගමන්ම ඡායාරූපය හරි වීඩියෝව සහිත මැසේජ් එක automatically චැට් එකෙන් අයින් වෙනවා.
කණගාටුවට කරුණක් වෙන්නෙ මේ photos /videos වල Screenshot තබා ගන්න ඉඩ ලබා දීලා තියන එක,
මොකද ඒකෙන් ලබන්නා හොරෙන්ම photos/videos සේව් කරගන්නවද කියලා බලාගන්න විදියක් නැති හිංදා

පුද්ගලික හා ආරක්ෂිත Messaging Platforms එකක් බවට පත්වීමේ ⁣ඉල්ලකය මෙය බැවින් මෙම අංගය තවදුරටත් ශක්තිමත් කරන බව සකර්බර්ග් පැවසුවා.

3.Multi Device Support

WABetainfo විසින් විධායකයයින්ගෙන් Multi Device support පිලිබද විමසා සිටි අතර ප්‍රතිචාර වශයෙන් කැත් කාර්ට් කියා සිටියේ අපේ primary device එක අන්තර්ජාලයට කනෙක්ට් කරලා නැති වෙලාවට මැසේජස් ඩිවයිස් හරහා sync කරගැනීම විශාල තාක්ෂනික අභියෝගයක් බවයි.

කොහොම උනත් සමාගම මේ ගැටලුව විසදා තියෙනවා වගේම ඉදිරි මාස දෙක තුල WhatsApp beta users ලට Multi Device Support ලබා දෙන්න නියමිතයි.

මේකෙන් ඔයාට primary device එක internet එකට කනෙක්ට් නොකර උනත් අනික් Platforms වලින් WhatsApp භාවිතා කරන්න පුලුවන්.
ඒවගේම iPad සහයත් WhatsApp වෙත ලබාදෙන අතර එයින් ඔයාගෙ ගිණුමට device 4ක් දක්වා සම්බන්ධ කරන්න හැකියාව ලැබෙනවා.

ඉස්සරහට එන්න නියමිත Features ටික මේවා, ඉතින් මේවා ගැන ඔයාලගෙ අදහසත් Comment කරගෙන යන්න…?

 

Article written by Sahan Nimesha Samarakoon