Categories

දුරකථනය ⁣ශොප් එකකට දෙන්න කලින් කල යුතු දේවල්…

 

මේ දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වුණ දෙයක් තමා තමන්ගෙ පෞද්ගලික දත්ත ලීක් කිරීම.
මේකට ප්‍රධාන හේතුව තමා නිසි දැනුමක් නොමැතිව ආරක්ෂාවක් නොමැතිව පෞද්ගලික දුරකථනය අළුත්වැඩියාවට ශොප් එකකට ලබාදිම.

මේ ගැටලුව 80% පමණ බලපාන්නෙ කාන්තාවන්ට. ඒවගේම නවතම අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නෙ අළුත්වැඩියා කරන වෙළදසැල් වලින් 50% ක්ම මෙලෙස අනාරක්ෂිත ඒවා බවයි.
ඒකෙන් 90%ක්ම ඉලක්ක කර ඇත්තේ කාන්තාවන්.

ඒ මොකද හුගක් අයට තමන්ගෙ දුරකථය නිසි පරිදි ආරක්ෂිතව පාවිච්චි කරන්න දැනුමක් නැහැ වගේම තමන්ගෙ පොෟද්ගලික ඡායාරූප වීඩියො වැනි දේවල් සගවා තබාගැනීමට නිසි දැනුමක් නැහැ.
උදාහරණයක් විදියට තමන්ගෙ පෞද්ගලික ඡායාරූප විඩියො ගැලරියෙන් ඉවත් කරත් එය තවමත් Recycle bin තුල යම් කාලයකට ගබඩා වී තිබෙනවා. හුගක් ගැහැණු අය වගේමපිරිමි අයත් මේක දැනුවත් නැහැ.

අද ලිපියෙන් කතාකරමු සම්පූර්ණයෙන් ආරක්ෂිතව තමන්ගෙ දුරකථනය පාවිච්චි කරන්නෙ කොහොමද කියල සහ නිසි ආරක්ෂාවකින් දුරකථනය අළුත්වැඩියාවට ශොප් එකකට ලබා දෙන්නේ කොහොමද කියල.

මාතෘකාවට කලින් කියන්න ඕනි මේ repair shop වල⁣ට දෙනකොට දාන්න ඕනි maintenance mode එකක් samsung පහුගියද හදුන්වා දුන්නා. කෙසේ නමුත් ඒක වැඩ කරන්නෙ one UI 5 සමගින් එන විශේශ මාදිලි වලට පමණයි. ඒ ගැන මෙතිනින් බලාගන්න පුලුවන්

01. Use Strong Phone password

ෆොන් එකක් ගන්න ඔයා මුලින්ම කරන්න ඕන දේ තමා ශක්තිමත් මුරපදයක් යොදා තමන්ගෙ දුරකථනය ආරක්ෂා කරගන්න එක.
මොකද පෞද්ගලික දත්ත ලීක් වෙන්න හොදම විදිය තමා දුරකථනයෙහි මුරපදයක් යොදා නොමැති කම.
මේකෙදි fingerprint හෝ face id දීම තුලින් වැඩි ආරක්ෂාවක් ලබාගත හැකියි.

විශේෂම දේ ඔයා ෆෝන් එක හදන්න දෙනවනම් ෆොන් එකේ පෞද්ගලික දත්ත තියනවනම් කිසිම විදියකට ශොප් එකට phone එකේ password එක ලබාදෙන්න එපා. ෆොන් එකේ බැටරිය මාරුකිරීමටත් password එක ඉල්ලන shop තිබෙනවා. ඒ වගේ රැවටිලි කාර⁣යන්ගෙන් පරිස්සම් වෙන්න වගබලාගන්න

 

02. Email

ඊලගට කෙනෙක් කරන්නෙ තමන්ගෙ දුරකථනයට Email එකක් හදාගන්න එක.
මේකෙදි හුගක් අය කිසිම ආරක්ෂාවක් නැතුව ඔහේ තමන්ගෙ මෙල් එක හදල දානවා.
වෙන අයෙකුට ගෙස් කරන්න අමාරු
Strong password එකක් යෙදීමෙන් email එක ආරක්ෂා කරගන්න පුලුවන්.

දෙවෙනි එක තමා mail එකේ Two factor authentication On කිරීම හා Recovery mail එකක් ඇඩ් කිරීම.

මේකෙන් ඔයා මේල් එකට ලොග්වෙද්දි තමන්ගෙ දුරකථන අංකයට එන code එක හො recovery mail එකට එන code එක අවශ්‍ය වෙනවා. ඒක නිසා වෙන අයෙකුට ඔයාගෙ දුරකථන අංකය හො රිකවරි මේල් එක නැතුව ලොග් වෙන්න බැහැ.

ඒකට ඔයාල manage account එකට ගිහින් security එකට ගියාම එතනින් account එකේ ආරක්ෂාව වැඩි කරගන්න පුලුවන්.

 

001. ඔයාලා email එකට ගිහින් තමන්ගෙ දකුණු පැත්තෙ උඩම තියන තමන්ගෙ profile එකට යන්න.

එතනින් manage account එකට ගිහින් පහල විදියට ඇඩ් කරගන්න පුලුවන්.

Security check up එකකින් ගිණුමේ තියන දෝෂ පවා හදුනා ගන්න පුලුවන්.

ඒවගේම ටිකක් පහලින් ඔයාලට recent activity, පාස්වර්ඩ් එක වෙනස් කරපු දිනය, recovery phone number හා mail ඇතුලු හුගක් දේවල් බලාගන්න පුලුවන්.

එතනින් recovery phone number එක හා වෙනත් ඔයාගෙ mail එකක් recovery mail එක විදියට ඇඩ් කිරීමෙන් වැඩි ආරක්ෂාවක් ලබාගන්න පුලුවන්.
මෙතන mail හා phone number add කරද්දි ඒ නම්බර් එකට හා mail එකට එන code එක ලබාදීල verify කරොත් විතරයි ඒක recovery එකක් විදියට ඇඩ් වෙන්නෙ.

ඒවගේම කිසිම විදියකට මේ email, password නොදන්නා අයට ලබාදෙන්න එපා.
පෞද්ගලිකව දන්න කිහිප දෙනෙකුත් මේ විදියට තමන්ගෙ email password ශොප් වලට ලබාදීල තිබුණා.
ඒක නිසා තමන්ගෙ email/ password පිටතට නොයන්න සහතික කරගන්න.

3. Facebook & other app

පසුගියදා වුනු සිද්ධියෙදි අදාල ශොප් එකේ තරුණයා ඒ තරුණියගේ දුරකථනයේ facebook ඇතුලු තවත් ඇප් කීපයක් ඉවත් කර ඔහුගේ ෆොන් එකෙන් ඇගේ  facebook account එකට ලොග්එ වී  විවිද අනවශ්‍ය දේවල් පලකර තිබුනා.

ඔයා ෆොන් එක හදන්න දෙනවනම් second step එකක් විදියට phone එකේ අනෙක් ඇප් වලටත් password එකක් යෙදීම වැදගත් වෙන්නෙ මේ නිසා.
සමහර phone වල මේ පහසුකම නැති වුනත් play store මගින් හොද app lock එකක් අරගෙන මේ ඇප් lock කරගන්න පුලුවන්.

Facebook එකේ setting වලින් two factor authentication on කිරීමෙන් ඔයා facebook එකට ලොග් වෙන ⁣හැම වෙලාවෙම ඔයා ඇඩ් කරපු නම්බර් එකට එන code එක අවශ්‍ය වෙනවා ලොග් වෙන්න.
ඒක නිසා මේ Two factor authentication එක On කර තිබීම වැදගත්.

Whatsapp ,තුලත් දැන් ඇප් එක lock කිරීමේ පහසුකම එයින්ම ලබාදීල තිබෙනවා.

4. Photos and media

මේක තමා වැදගත්ම දේ. තමන්ගෙ පෞද්ගලික ඡායාරූප හෝ විඩියො තියනවනම් අනිවාර්යයෙන් ඒව photo hide එකක් මගින් hide කරන්න නැත්තම්
එිව encrypt කරල තියාගන්න.

ඒවගේම whatsapp මගින් තමන්ගෙ boyfriend/girlfriend සමග පෞද්ගලික ඡායාරූප හුවමාරු කරගන්නවනම් ඒව ගැලරියට save නොවෙන විදියට හදාගන්න.
Gallery යෙ හෝ file manager එකෙ තියන photo delete කරනවනම් මතක තියාගන්න අනිවාර්යයෙන් ඒව recycle bin එකක සේව් වෙනව කියල. Recycle bin එකෙනුත් ඉවත් කරොත් තමයි මේව සම්පූර්ණයෙන් ඉවත් වෙන්නෙ.

 

මේ step සම්පූර්ණ කරල තිබුණත් ඔයා දන්නම තැනකට දුරකථනය හදන්න දෙන්න වග බලා ගන්න. විද්‍යාඥයින් කරපු සමීක්ෂණයකින් තමන් දන්න තැන්වලින් පවා පුද්ගලයින්ගේ දත්ත ලීක් වීමක් සිදුවී තිබෙනවා.
ඒවගේම ජංගම දුරකථනයේ වගේම ලැප්ටොප් එකටත් මේව අදාලයි.
ලැප් එකෙ හෝ දුරකථනයේ බැටරිය මාරු කිරීමට හෝ screen එක හො වෙනත් දෝෂයකට දෙනවනම් ඒ සදහා password අවශ්‍ය වන්නේ නැහැ. ඒක නිසා මේ වගේ තැන්වලදි මොලේ කල්පනා කරල වැඩ කිරීම තමා අවශ්‍ය.

මේ සම්බන්ධව කුමක් හෝ  ගැටලුවක් තාමත් තියනවනම් පහල දක්වල තියන අපෙ ඇඩ්මින් වරයෙක් සම්බන්ධ කරගන්න. ඕන වෙලාවක උදව් කරන්න Cyberyakku අපි ලැහැස්තියි.

 

Sahan nimesha    රවිදු දිල්ශාන්

Chamika Sahan    Lahiru jay

Imesh akalanka    මල්ශ විහග

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.