Categories

Apple, subscription app සදහා ස්වයංක්‍රීයව ගාස්තු අයකිරීමට ඉඩ ලබා දෙයි.

මීට පෙර තිබූ නිති අනුව මිල ඉහල යාමකදී පරිශීලකයන්ට ඔවුන්ගේ subscription නැවත අලුත් කිරීමට තොරාගැනීමක් ලබා දී තිබුණත් ඇපල් තම ප්‍රතිපත්ති වෙනස් කිරීමත් සමග app subscription වලදී ගාස්තු වැඩි වීමක් සිදුවුවහොත් පරිශීලක අවසරයකින් තොරව ගාස්තු අය කිරීමට ඇපල් දැන් ඉඩ ලබා දීල තිබෙනවා.

ඔයා App Store ඇප් එකකට Subscription එකක් අරන් තියෙනවනම් ඒකෙන් එවන email හා notification ගැන වැඩි අවධානයක් යොමු කරන එක තමයි වැදගත් මොකද උඩ කිව්ව වගේ හදිසියෙ ගාස්තු වැඩි වීමක් සිද්ධ උනොත් ඔයා නොදැනුවත්වම අදාල මුදල අය වන නිසා.

ඒත් මේ ගැන වැඩිය බයවෙන්න දෙයක් නැහැ මොකද පරිශීලකයින්ට ඊමේල්, notification හා ඇප් එක තුලදීත් එවනු ලබන Notification මගින් වඩාත් මිල අධික subscription අලුත් වීමකදී දැනුම් දීම් ලබාදෙන නිසා.
මුලදි කිව්ව වගේ notification ගැන අවධානෙන් ඉන්න එක තමා වැදගත් වෙන්නෙ.
මීට අමතරව බැලුවොත් මේ Subscription ගාස්තු අයවීමකදී අයකල හැකි උපරිම සීමාවක් පවතිනවා. එනම් එය 50%ට වඩා වැඩිනම් හා වෙනස $5ට වඩා වැඩිනම් එය ස්වයංක්‍රීයව අය වීමකට සුදුසුකම් ලබන්නේ නැහැ.
එලෙසම එය වසරක subscription අගය මත 50% වඩා වැඩිවිය හැකි නමුත් $50 මිල වෙනසකට වඩා වැඩි වන්නේ නැහැ.

වැදගත් කරුණක් නම්, මෙම Subscription ස්වයංක්‍රීයව අලුත් කිරීම වසරකට වරක් පමණක් සිදු විය හැකි වීමයි.

Apple මේ පිලිබදව අදහස් දක්වා තිබුනේ subscription මිල වැඩි වූ විට සමහර පරිශීලකයන්
⁣තේරීම් මගහැරීමනිසා සේවාවන්ට බාධා වන බවත් එයින්පසු නැවතත් ලියාපදිංචි වීමට අවශ්‍ය වන නිසාත් ඔවුන් මෙයට ඉඩදුන් බවයි.

 

 

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.