Categories

ටෙලිග්‍රෑම් පරිශීලකයන්හට Chat හරහා USDT transfer කිරිමේ හැකියාව ලබාදෙයි..

ඩිජිටල් ⁣මුදල් ලෝකයේ සැලකිය යුතු වර්ධනයකට මුල පුරමින් Telegram දැන් එහි පරිශීලකයන් හට Chat හරහා එක්සත් ජනපද ඩොලරයට සම්බන්ධ Crypto  coin එකක් වන USDT(Tether)  මාරු කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.
මෙනිසා පරිශීලකයන් හට වෙනත් යෙදුමට යාමෙන් තොරව USDT transfer කල හැකියි.

Telegram හි ඇති Wallet මගින් මෙම මුදල් යැ⁣වීම ලබාගැනීම සිදු කර හැකියි.
ඒ අනුව Telegram හි Setting වෙත ගොස් Wallet එකෙහි add New wallet හරහා මෙම Wallet එක එකතු කර ගත හැකියි.

USDT යැවීමට, පරිශීලකයින්ට මුදල් යැවීමට අවශ්‍ය පුද්ගලයා සමඟ Chat එකක් විවෘත කර, කඩදාසියක් ලෙස ඇති Icon එක මත ක්ලික් කර “Send money” තෝරා තමන්ට යැවීමට අවශ්‍ය මුදල ඇතුළත් කර USDT wallet එක තේරීමෙන් මුදල් යැවිය හැකියි.

ලබන්නා හ⁣ට Chat එක තුලින් මෙම USDT ලබාගත හැකි අතර පරිශීලකයෙක් USDT එවන විට  Transaction එක පිලිගැනීමට හෝ ප්‍රතික්⁣ශේප කරන ලෙසට දැනුම් දීමක් දිස්වනවා.  ඔවුන් එය පිලිගත් විට එම USDT  wallet එකට එකතු වනවා.

මෙය පරිශීලකයන් හට මුදල් යැවීමට හා ලබාගැනීමට ඉතා පහසු ක්‍රමයක් බැවින් මෙය පරිශීලකයන් අතර ධනාත්මක වර්ධනයක් ඇති කරනු බවට නොඅනුමානයි.

USDT පිටුපස සිටින Tether සමාගම, ඩොලර් බිලියන 35 කට වඩා වැඩි වෙළඳපල වටිනාකමක් ඇති ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ස්ටේබල්කොයින් එකක් බවට පත්ව තිබෙනවා. එය වෙළඳුන් සහ ආයෝජකයින් විසින් වෙනත් ගුප්තකේතන මුදල් වල අස්ථාවරත්වයට එරෙහිව ආරක්ෂා කිරීමේ මාර්ගයක් ලෙස භාවිතා කරනවා.

USDT ටෙලිග්‍රාම් වෙත ඒකාබද්ධ කිරීම ඩිජිටල් මුදල් වඩාත් ප්‍රධාන ධාරාව බවට පත් වීමේ පුළුල් ප්‍රවණතාවයක කොටසකි. PayPal සහ Visa වැනි ප්‍රධාන සමාගම් ඩිජිටල් මුදල් සඳහා සහය දැක්වීමට පටන් ගෙන ඇති අතර රටවල් කිහිපයක් ඔවුන්ගේම මහ බැංකු ඩිජිටල් මුදල් (CBDC) දියත් කිරීමේ හැකියාව ගවේෂණය කරයි.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.