Categories

පෘථිවියට ග්‍රාහකයක් වට්ටමුද..?

තමන් කැමති ග්‍රාහකයක් පෘථිවියට වට්ටමුද ????

පෘථිවියට ඇති වන ග්‍රහලෝග ගට්ටනයන් ගැන ඔයාලා දැනටමත් film, animation වලින් දැකල ඇති.

ඒත් මේ Neal Agarwal විසින් වැඩසටහන්ගත කරන ලද, Asteroid Launcher කියන වෙබ් අඩවිය මගින් පෘථිවියේ ඕනෑම තැනකට අපිට කැමති ප්‍රමාණයේ කැමති වේගයෙන් කැමති දිශානතියෙන් ග්‍රහකයක් වැට්ටීමට සලස්වා එහි ආවාටය, මුදාහැරුණු ශක්ති මට්ටම හා එයින් මියයන මිනිසුන් ගනන ඇතුලු සම්පූර්ණබලපෑම් විස්තරයක් බලාගන්න පුලුවන්.

ව්‍යසන මට්ටම ග්‍රහක සංයුතිය, විෂ්කම්භය, වේගය සහ බලපෑම් කෝණය මත රඳා පවතින අතර,
විනාශකයින් වන ඔබට වල්ගාතරු, රන්, යකඩ, ගල් සහ කාබන් ග්‍රහක, ලෙස ග්‍රාහකයත් තත්පරයට කිලෝමීටර 1-100 ක වේගයක් සහ කිලෝමීටර 1.5 දක්වා විෂ්කම්භයක් තෝරා ගත හැකියි.

ඒ වගේම විද්‍යාඥයින් අනුමාන කරන්නේ
පෘථිවියේ ජීවය සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට,  ග්‍රහකයක් (හෝ වල්ගා තරුවක් හෝ ග්‍රහලෝකයක් පවා) කිලෝමීටර 96ක් පමණ පළල විය යුතු බවයි.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.