Categories

ඔක්කොම එකම තැනකින් කරගන්න  Icecream video converter

සාමාන්‍යයෙන් අපි වෙබ් සයිට් එකකට වීඩියො එකක් අප්ලොඩ් කරන වෙලාවල් වලදි එන error එකක් තමා “video format not supported” කියන එක. ඉතින් මේ ෆෝමැට් එක වෙනස් කරගන්න ඔයා කරන්නේ වෙබ් සයිට් එකක් හරහා online පහසුකම ලබා ගන්න එක හෝ අදාල ඇප් එකක් හරහා මේ පහසුකම ලබා ගන්න එක. හැබැයි මේකෙදි online සයිට් සහ ඇප් වල ඇඩ් විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙන නිසාත්, සමහර පහසුකම් limit කරලා තියෙන නිසාත් මේවා 100% සාර්ථක නම් නැහැ. ඉතින් මේ මුකුත් නැතුව ලේසියෙන්ම ඔයාට video convert කරගන්න ඔයාට Icecream video converter භාවිතා කරන්න පුලුවන්.

Icecream video converter

මේ converter එක windows version සියල්ලටම සහය දක්වනවා. ඒ නිසා ඔයාට windows 7,windows 8, windows 10 සහ windows 11 වලත් මේක පාවිච්චි කරන්න පුලුවන්.

මේකෙ මිළ ගණන් ගැන සදහන් කරොත් ඔයාලට කිසිම subcription එකක් සහ මුදල් ගෙවීමකින් තොරව සහ ඇඩ් නොමැතිව 100% නොමිලේ Icecream VC එක භාවිතා කරන්න පුලුවන්. එසේම මේකේ features වල limit කර නැහැ වගේම convert කරගන්නා වීඩියො වල watermark සළකුණු වෙන්නෙත් නැති නිසා පහසුවෙන්ම මේක භාවිතා කරන්න පුලුවන්.

Icecream VC එකේ UI එක ගැන කතා කරොත් මේක සරල සහ පහසු Interface එකක් සහ Dark theme පහසුකමද පරිශීලකයන්ට ලබා දීල තියෙනවා.

Icecream VC හරහා ඔයාට විඩියෝ විශාළ ප්‍රමාණයක් එකවර convert කරගන්න පුලුවන් වගේම MP4, AVI, MKV, 3GP, WMV, MOV, M4V, MPG, M2TS, MTS , සහ අනෙකුත් සියලුම ජනප්‍රිය වීඩියෝ formats වලටද ඔයාට convert කරගන්න පුලුවන්.

ඒ වගේම ඉහළින් සදහන් කරපු features වලට අමතරව video trimming, convert to MP3 සහ තවත් features බොහොමයක් මේ හරහා ඔයාට ලබා ගන්න පුලුවන්.

Download Icecream VC

source:-

Beebom

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.