Categories

ලබන සතියේ සිට වින්ඩොස් 7 පරිගණකවල google chrome ක්‍රියා කිරීම නවතින ලකුණු

තවමත් Windows හි පැරණි version භාවිතා කරන ව්‍යාපාර හිමිකරුවන්ට තීරනාත්මක අභියොගයක් ලෙස Google chrome හි සහය වින්ඩොස් 7 සදහා නැවැත්වීමට සුදානම් වී තිබෙනවා.

ඒ අනුව Windows 7 හි ක්‍රියාත්මක වන බ්‍රවුසරයේ තාක්ෂණික සහ ආරක්‍ෂිත සහය ලබන සතියේදී Google විසින් නවතා දැමෙනවා ඇති.

Google මුලින් 2021 ජූලි 15 වන දින සහය නැවැත්වීමට සැලසුම් කර තිබුනද, Covid-19 හේතුවෙන්, එය නියමිත කාලසීමාව පළමුව 2022 ජනවාරි 15 ​​දක්වාත් පසුව 2023 ජනවාරි 10 දක්වාත් කල් දැමුවා.

වින්ඩොස් 7 හා 8/8.1 සදහා සහය දක්වන Chrome හි අවසාන අනුවාදය වන Chrome 109 න් මෙම සහය නවතා දැමෙන අතර නව අනුවාදය වන Chrome 110 (2023 පෙබරවාරි 7 නිකුත් කිරිමට සැලසුම් කර ඇත.) වින්ඩොස් 10 හා ඊට පසු ඒවායේ ක්‍රියා කරන පලමු Version එකද වනවා.

මයික්‍රොසොෆ්ට් විසින්ම 2020 ජනවාරි මාසයේදී Windows 7 සඳහා වන සහය නතර කලද
එය තවමත් ලොව පුරා මිලියන ගණනක් පරිගණක භාවිතා කරන අතර NetMarketShare.com හි සංඛ්‍යාලේඛනවලට අනුව , ගෝලීය Windows උපාංගවලින් සියයට 14ක් 2021 දෙසැම්බර් මාසය වන විටත් Windows 7 භාවිතා කරමින් තිබුනා.

Microsoft සහය අවසන් වු පසුව වුවද මෙම windows 7 නිසි ලෙස ක්‍රියා කරන නමුත් නව ආරක්ෂක යාවත්කාලිනයන් ලැබෙන්නේ නැහැ. එනිසා එය ආරක්ෂක අවදානම් හා වෛරස් වලට නිරාවරණය විමේ අවදානම ඉතා ඉහලයි.
එනිසාම සමාගම වෙඩ් අඩවියේ සදහන් කර තිබුනේ ” ඔබ සහ ඔබේ දත්ත සුරක්ෂිතව තබා ගැනීමට උදවු වන නවතම ආරක්ෂක යාවත්කාලීනයන් ලබා දිය හැකි Windows 10 වැනි නවීන මෙහෙයුම් පද්ධතියකට ” යාවත්කාලීන කරගන්නා ලෙසයි.

මෙම ඉරණම දැන් chrome වලටද අත්වනු ඇති අතර Chrome හි පැරණි අනුවාද දිගටම ක්‍රියාත්මක වනු නමුත් මෙම මෙහෙයුම් පද්ධතිවල පරිශීලකයින් සඳහා තවදුරටත් යාවත්කාලීන නිකුත් නොකෙරෙනු ඇති.
අධික පිරිවැය නිසාම මෙලෙස සමාගම් තවමත් වින්ඩොස් 7 වලම සිටින නමුත් තොරතුරු තාක්ෂණ කණ්ඩායම් සඳහා නව ප්‍රමුඛතා මතු වූ විට, ආයතනවලින් 21% ක් තවමත් Windows 10 වෙත සංක්‍රමණය වීමේ ක්‍රියාවලියක යෙදී සිටින බවත් වාර්තා වී තිබුණා.

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.