Categories

හේතුවක් නොමැතිවම නොමැතිව Google Drive පුද්ගලික ගිණුම් වලින් ලිපිගොනු දුසිම් ගණනක් අතුරුදහන් වෙයි

Google drive පරිශීළකයන් විශාළ පිරිසකගේ ගිණුම් වලින් ඔවුන්ගේ මාස ගණනක පුද්ගලික ලිපි ගොනු අතුරුදහන් වී ඇති බව අනතුරු අඟවා තිබෙනවා.

දැනට Google’s support forum හී පළ කර තිබෙන වාර්තා බොහොමයක් ද සඳහන් කරන්නේ පරිශීළකයන් බොහෝ පිරිසකගේ ලිපි ගොනු කිසිදු හේතුවක් නොමැතිවම ඔවුන්ගේ ගිණුම් වලින් අතුරුදහන් වී තිබෙන බවටයි.

Google Drive ප්‍රජා සටහනක් මැයි මාසය දක්වා දිවෙන ලිපිගොනු කිසිදු හෝඩුවාවක් නොමැතිව නැති වී ඇති බවට පැමිණිලි කිරීමත් සමඟ මෙම ගැටළුව මුලින්ම මතු විය.

Google විසින් මෙම දෝෂයට හේතුව නොදන්නා බවත් දැනටමත් එය විමර්ශණය කරමින් සිටින බව සඳහන් කරන අතර Desktop හී google drive භාවිතා කරන පරිශීළකයන් ගණනාවකට “Sync issue” බලපා තිබෙන බවද පිළිගෙන තිබෙනවා.

Google විසින් පරිශීළකයන්ට පවසන්නේ ඔවුන්ගේ ගිණුම් වලින් ලිපි ගොනු අතුරුදහන් වී තිබේ නම් Disconnect account ලබා දීම හෝ ගිණුමේ වෙනත් දත්ත වෙනස් කිරීමෙන් වළකින ලෙසයි.

එසේම ඔවුන් පවසන්නේ මෙම ගැටළුව විමර්ශණය කරන අතරතුර ඔවුන්ගේ යෙදුම් දත්ත Locally backup කරන ලෙසටයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.