Categories

Android app දැන් Windows 11 Store එකෙත්…!

දැන් Windows 11 වල Emulators ගැන වද වෙන්න දෙයක් නැහැ. ඔව් Windows 11වල microsoft store එකට දැන් Android app සපොර්ට් කරනවා.

මයික්‍රෝසොෆ්ට් Windows event එකේදි Windows 11 හි විශේෂාංග රාශියක් ඉදිරිපත් කලා. එයින් කැපී පෙනෙන විශේෂාංග වෙන්නෙ Android ඇප් සදහා Microsoft store සහය දැක්වීමයි.

ඇමසන් වලට ස්තූති වෙන්න ⁣සියලුම Android app දැන් microsoft store එකේ බලාගන්න පුලුවන්.
Amazon Appstore , Microsoft Store සමග ඒකාබද්ධ කිරීමට සමාගම Amazon සමග හවුල් ගිවිසුමකට එලඹ තිබෙනවා.

ඔබට Microsoft store එක හරහා ඇප් සොයාගන්න,ස්ථාපනය කරගන්න පුලුවන්. ඒ වගේම මේ ඇප් taskbar එකට pin කරන්නත්, Snap Assist මගින් Screen එකේ place කරන්නත් පුලුවන්.

කොහොම උනත් මේ feature එක windows 11 feature වලින් හොදම එක කියන්න පුලුවන්.පරිගණකයෙන් mobile ඇප් වලට ප්‍රවේශ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න පරිශීලකයන්ට පරතරයන්ද මෙයින් මගහැරී යනවා.

ඔයා මේක අත්හදා බලන්න නොඉවසිල්ලෙන්නම් ඉන්නෙ තව ටික දවසක් ඉන්න වෙනවා, මොකද Windows 11 හි පලවෙනි Insider build එක ලබන සතියේ මුල පටන් ගන්න නියමිත නිසා.