Categories

Windows copilot හා තවත් විශේෂාංග 150ක් සමගින් සැප්තැම්බර් 26 නිකුත් වීමට නියමිත Windows Update එක ගැන දැනගතයුතු සියල්ල

ඊයේ දින පැවති Microsoft event එකේදී Microsoft විසින් AI බලයෙන් මුසුවුනු copilot
හා තවත් නව විශේෂාංග 150කින් යුතු Update එකක් මෙම මස 26වනදා නිකුත් කිරීමට සුදානම් බව නිවේදනයක් කරමින් කියා සිටියා.
එනම් Microsoft අලුතින් හදුන්වා දුන් Surface laptop Go 3 හා Surface Laptop Studio 2 නිකුත් කරන දිනයේදී මෙම Update එක සියලු පරිශීලකයන්ට ලබාගත හැකියි.

Copilot in windows
Update එකෙහි ප්‍රධානම විශේෂාංගයක් වන Copilot මගින් සංකීර්ණ කාර්යයන් වේගයෙන් හා පහසුවෙන් නිර්මාණය කිරීම සදහා භාවිතා කිරීමට කිසිදු බාධාවකින් තොරව සම්පූර්ණ ප්‍රවේශය ලබා දී බෙනවා.
මෙය Win + C shortcut key හෝ Taskbar එකෙන් open කරගන්න පුලුවන්.

Paint
Microsoft paint app එක AI බලයෙන් වැඩිදියුණු කර ඇති අතර ඒ අනුව දැන් background ඉවත් කිරීමට, layer එකතු කිරීමට, digital creation මෙන්ම Generative AI ලබාදෙන Crocreater එකෙහි Preview එකත් ලබාදී තිබෙනවා.

Photos
AI බලය ලබාදී ඇති Photos ඇප් එක මගින්
Background blur කිරීම, Subject එකතු කිරීම කල හැකියි. මෙය ක්ෂනිකව ඡායාරූපයෙහි background එක හදුනා ගන්නා අතර එක ක්ලික් කිරීමකින් Object ඉස්මතු කර Background එක Blur කරනු ලබනවා.
එලෙසම වැඩිදියුණු කර ඇති Search මගින් Onedrive හි ගබඩා කර ඇති ඡායාරූප ඡායාරූපයේ අන්තර්ගතය මත පදනම්ව පහසුවෙන් සොයාගත හැකි වනවා.

Copilot logo
Snipping tool
Snipping tool එක මගින් image එකක ඇති Text පහසුවෙන් copy කර ගැනිමේ හැකියාව ලබා දී තිබෙනවා. එලෙසම text redaction මගින් අපගේ sensitive information ආරක්ෂා කර ගත හැකියි.
Audio හා Mic හරහා sound capturing ලබාදී ඇති නිසා video හා Content නිර්මාණය පහසු කරනවා.

Notepad
Automatically saving ලබාදී ඇති අතර කිසිදු popup messages වලින් තොරව close කිරීම මෙන්ම නැවත Open කිරීමේදී කලින් කල සියල්ල ලබා ගැනීමේ පහසුව ලබාදී තිබෙනවා.

New outlook for windows
මෙමගින් Gmail,yahoo,iCloud ඇතුලුව සියලු ඇප් එකම ඇප් එකක සිට කළමනාකරණය කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.
Intelligent tool එක මගින් පැහැදිලි නිවරදි Emails ලිවීමට මෙන්ම OneDrive හි ඇති වැදගත් Document හා ඡායාරූප Attach කිරීමේ පහසුවත් ලබාදී තිබෙනවා

Modernized File Explorer

Home, Address bar හා Search box එක redesign කර ඇති අතර important content සදහා ප්‍රවේශ වීම මෙන්ම gallery feature එකක් සමගින් photo collection සදහා පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාවත් ලබාදී තිබෙනවා.

Windows backup
windows 11 හි ඇති සුවිශේශීම විශේෂාංගක් වන මෙමගින් Files,App හා setting පවා එක් PC එකකින් තවත් PC එකකට කිසිදු බාධාවකින් තොරව මාරුකල හැකි වනවා.

Bing And Edge

Personalized Answer

මෙමගින් Chat history මත පදනම්ව Resuilt generate කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.
උදාහරණයක් විදියට ඔයා bing හරහා කැමතිම cricket team එක search කර පසුව ⁣trip එකක් plan කල විට එම cricket team එකෙහි ඊලග මැච් එකක් එම trip එක යන නගරයෙහි හෝ අවට තිබේ නම් මෙයින් දැන්වීමක් එවනු ලබනවා.

Copilot in microsoft shopping

Edge එක හරහා online shopping වලදී අමතර තොරතුරු ලබාදීමෙන් අනතුරුව ගැලපෙනම දේවල් හොදම මිලක් යටතේ Recommend කරනු ලබනවා.
එලසෙම පසුගිය මාස 12 ඇතුලත සා⁣ප්පු හිමියන්ට Edge හි ඉතිරිකිරීම් වලින් $ බිලියන 4ක⁣ට වඩා ලබාදී තිබෙනවා.

DALL E 3 model from OpenAI

ඇගිලි හා ඇස් ඇතුලු නිර්මාණ වලදී වඩා පැහැදිලි විග්‍රහ කිරීම් සමග ඉතා විශිශ්ට නිර්මාණයන් ලබා දෙනු ලබනවා. එලෙසම editing පහසු කිරීම සදහා Microsoft designer කෙලින්ම Bing සමග ඒකාබද්ධ කර තිබෙනවා.

 

read more on Microsoft.com

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.