Categories

වින්ඩොස් 11 හි AI Assistant ලෙස එක්වන Microsoft Copilot

 

Microsoft OpenAI හි තාක්ෂණය තම සියලුම මෘදුකාංග හා සේවාවන් වෙත එක් කරමින් සිටිනවා. පසුගියදා Adobe photoshop සදහාද මෙම සහය එක් කල අතර දැන් AI පදනම් වු Digital assistant කෙනෙකු හදුන්වා දි තිබෙනවා.
මීට පෙර 2015දි Microsoft විසින් Windows 10 සමග assistant ලෙස Cortana හදුන්වා දුන් නමුත් පසුව එහි අසාර්ථකත්වයත් සමග නැවතත් එය සෙමෙන් සෙමෙන් windows තුලින් ඉවත් කර දැමුවා.

නව AI assistant ඔබට taskbar එක තුලින් ලබා ගත හැකි අතර එය office apps microsoft edge හා Github වල ඇති ලෙසම side bar එක තුල මෙය දැකගත හැකියි.

මෙය Bing chat සම Taskbar එක තුල තිබෙන අතර එය සියලු යෙදුම් හරහා භාවිතා කිරීමටද හැකියි.

Copilot Windows 11 හි Search bar එක සදහා සම්පූර්ණ ආදේශකයක් ලෙස නිර්මාණය කර නොමැති අතර එය විවිද යෙදුම් හරහා වැඩ කරන පෞද්ගලික සහයකයෙකු ලෙස පමණක් වැඩ කරනවා.

එලෙසම Microsoft store එකටද AI එක් කර ඇති අතර AI බලයෙන් ක්‍රියා කරන යෙදුම් ලැයිස්තුවක් සොයා ගත හැකි AI Hub එකක් එකතු කර තිබෙනවා.

බොහෝ පරිශීලකයන් Microsoft windows 12 සමගින් AI විශේෂාංග යොදවනු ඇතැයි සිතුවද Windows 11 සමගින්ම දැන් ඔවුන් තම වැඩ ආරම්භ කර තිබෙනවා.

අසාර්ථක වූ Cortana Assistant ගේ තැන Copilot හට සාර්ථක වීමට හැකිවේවිද..?

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.