Categories

LEGO විසින් ප්‍රතිචක්‍රිකරණය කරන ලද ප්ලාස්ටික් බෝතල් වලින් Building Bricks සාදයි.

ප්‍රසිද්ධ සෙල්ලම් බඩු නිශ්පාදකයෙකු වන LEGO ප්‍රතිචක්‍රිකරණය කරන ලද බෝතල් වලින් සැදූ පලමු Building Bricks එක එලිදක්වන්න සමත් උනා.
මේක ඉතාවැදගත් පියවරක් වෙනවා මොකද සමාගමේ අරමුණ වූ ඔවුන්ගේ ජනප්‍රිය Building set සදහා තිරසාර සම්පත් භාවිතා කිරීම මෙයින් පිලිබිඹු වන නිසා.

ආරම්භක නිශ්පාදනය වූයේ සමාගමේ දැඩි ගුණාත්මකභාවය හා ආරක්ෂිත ප්‍රමිතින්ට අනුව ඉවතලන බෝතල්වලින් PET ප්ලාස්ටික් භාවිත කර සෑදූ ලෙගෝ Brick එකක මූලාකෘතියක්.
සමාගමට අනුව නව මූලාකෘති Bricks සංවර්ධනය කිරීමට ඉංජිිනේරුවත් හා විද්‍යාඥයින් විසින් PET ද්‍රව්‍ය 250ක් හා අනිකුත් ප්ලාස්ටික් සංයෝග සියගනනක් පරික්ෂා කර තිබෙනවා.

⁣ඒවගේම මේ වනවිට LEGO නිශ්පාදනයට තිරසාර විසදුම් සංවර්ධනයට 150කට අධික පිර්සක් කටයුතු කරන බව සමාගම පැවසුවා.
එක්සත් ජනපදයේ ආහාර හා ⁣ඖෂද පරිපාලනය හා යුරෝපීය ආහාර සුරක්ෂිතා අධිකාරිය අනුමත කල ක්‍රියාවලීන් භාවිත කරන සැපයුම් කරුවන්ගෙන් ලබාගත් PET භාවිතයෙනුයි මෙම නව Bricks සාදා තිබෙන්නෙ.

නව design එකට අනුව එන LEGO bricks සාමාන්‍ය Bricks මෙන්ම වන අතර අවම 2×4 ලෙගො bricks 10 සෑදීමට ලීටරයක ප්ලාස්ටික් බෝතලයක් ප්‍රමාණවත් වනවා

සමාගම දැනට පේටන්ට් බලපත්‍රය සැකසීමට සූදානම් කරලා තිබෙනවා.
එසේම මෙම නිශ්පාදනය නිකුත් කිරීමට යම් කාලයක් ගතවනු ඇති බවයි.
ඔවුන් PET සූත්‍රගත කිරීම අඛන්ඩව පරික්ෂා කරමින් සිටිනවා,මෙයින් පසුව සංවර්ධනය නියමු නිශ්පාදන අදියරට ගෙනයා යුතුද යන්න තීරනය කරන අතර නිශ්පාදකයින් පවසන්නේ මෙයට අවම වසරක් ගතවනු ඇති බවයි.