Categories

Computer code on a screen with a skull representing a computer virus / malware attack.

පරිගණක වෛරස් පිලිබද ඉතිහාසය

වෛරස් නිසා දවසින් දවස එල්ල වෙන තර්ජන වල නිමාවක් නැහැ. සෑම මසකම පරිගණක වෛරස් 6000 පමණ නිර්මාණය කොට මුදාහරිනු ලබනවා.

පරිගණක වෛරසයක් කියන්නෙ මොකක්ද ?

පරිගණක වෛරසයක් කියන්නේ ඔබේ පරිගණකය විනාශ කිරීමට,ඔබේ දත්ත සොරකම් කිරීමට,මෘදුකාංග වලට හානි කිරීමට හෝ ආක්‍රමණය කිරීමට හැකි malware මෘදුකාංගයක්.

ජෛව විද්‍යාත්මක වෛරසයකට සමානව මේ පරිගණක වෛරස ප්‍රති නිර්මාණය වෙනවා වගේම මේක පැතිරෙන්න ප්‍රභවයක් අවශ්‍ය වෙනවා. ප්‍රභවයක් කියන්නේ පරිගණකය ආසාධනය කිරීම සදහා පරිශීලකයා ධාවනය කල යුතු වැඩසටහනක්.

▶1971

පළමු computer virus එක උපත ලැබුවේ intel විසින් වාණිජමය වශයෙන් ලබාගත හැකි පළමු microprocessor නිකුත් කල වර්ශයේදීමයි.මේක නිර්මාණය කරලා තියෙන්නේ එක්සත් ජනපදයේ BBN TECHNOLOGIES විසින් වැඩසටහනක් ප්‍රති නිර්මාණය කල හැකිදැයි පරික්ශා කිරීම සදහායි.
මේක පරිගණකයකට පහර දුන්නහම ඒක තිරය මත පණිවිඩයක් පෙන්නලා තියෙනවා.
” I’m the creeper, catch me if you can ”
මේකට creeper කියන නම ඇති වුනෙත් ඒකෙන්.

▶1974

1970 දශකයේ මැද භාගයේදි Rabbit නම් virus එක පැමිණියා.නමේ විදියටම මේක ෆොඩක් ක්‍රියාකාරි වයිරසයක් වුණා.මේ වයිරසය ඉතා වේගයෙන් ස්වයංක්‍රීයව ප්‍රති නිර්මාණය වුනා වගේම පද්ධති ක්‍රියාකාරකම් කඩිනමින් බිද වැටීමට ලක් කරා.

වසරකට පස්සේ පළවෙනි trojan සංවර්ධනය කරා ANIMAL නමින්.

▶1982

1982 දී පළමු PC වයිරසය නිර්මාණය කරනු ලැබුවා. ඔයා හිතන්නේ මේක නිර්මාණය කලේ අපරාධකාරයෙක් ,මොලකාරයෙක් කියලද ? නැහැ, මේකෙ නිර්මාතෘ තමා Rich Skenta. ඒ වෙද්දි ඔහු 15 හැවිරිදි පාසල් සිසුවෙක්. Elk Cloner කියන මේ වයිරසය floppy disc හරහා ක්‍රීඩාවක් සමග පැතිරී ඇපල් 11 OS එකට සම්බන්ධ වුණා.
50 වෙනි පාරට මේ ක්‍රීඩාව launch කිරීමේදි ක්‍රීඩාව වෙනුවට මේ කවිය තිරයේ පෙන්වලා තියෙනවා.

Elk cloner: the program with a personality
it will get on all your disk
it wil infiltrale your chips
yes, it’s cloner .
it will stick to you like glue
it will modify RAM too
send in the cloner

9
▶1988
විනාශකාරි වයිරස් යුගය ආරම්භ වුණේ 1988දි.ඒ වෙනකම්ම ගොඩක් වයිරස් පැවතුනේ විහිළු නම් සහ විහිළු පණිවිඩ අන්තර්ගත වෙච්ච වයිරස් විදියටයි.
ඒත් Festering Hate virus එකත් එක්ක ඒ දේවල් වෙනස් වුණා. මේ වයිරස් එක floppy disk, hard drives ආසාධනය කරනවා වෙනුවට floppy disk, memory drive,hard drive වල තියෙන සෑම ගොනුවක්ම විනාශ කරනු ලැබුවා.

▶1990

මේ දශකය තුළ Leonardo සහ Michelangelo වයිරස් දැකගන්න ලැබුණා. michelangelo වයිරසය වසර පුරා ක්‍රියාත්මක වුනේ නැහැ. ඒක ක්‍රියාත්මක වුණේ මාර්තු 6 දී පමණයි. ඒ මයිකල් ඇන්ජෙලෝගේ උපන් දිනය දවසයි.
මේ හේතුව නිසාම මේ දවසෙදි පරිගණක භාවිතයෙන් වළකින්න කියලත් ජනතාවට උපදෙස් දෙනු ලැබුවා.

1990 දශකයේ මැද භාගයේදි වයිරස Internet යටත් කර E mail සහ web sites හරහා පැතිරෙන්න පටන් ගත්තා.

▶2000

2000 වර්ශයේ ඉදලා විවිධ නව භයානක වයිරස් නිපදවන්න පටන් ගත්තා. එකල අතිශය සාර්ථක වයිරසයක් වුණේ “ILOVEYOU” වයිරසය. මේ වයිරසය E mail තුළ අමුණා යවනු ලබනවා.

මේ වයිරසය දින 10කට අඩු කාලයකදි මිලියන 50කට වඩා වැඩි පරිගණක ප්‍රමාණයකට බලපාලා තියෙනවා.

2003 දී සංවර්ධනය කරපු SQL Slammer ඉක්මණින් ව්‍යාප්ත වුණා වගේම ඒක දියත් කරලා මිනිත්තු 30කටත් අඩු කාලයකදි අන්තර්ජාලය බිද වැටුණා.

2007 දී පරිශීලකයාගේ බැංකු තොරතුරු ග්‍රහණය කරගත හැකි පළමු වයිරසය zeus නමින් ලෝකයට පැමිණියා.

▶2010

මේ දශකයේදි computer virus නව ආකාරයකට පැමිණියා. ඒ facebook, twitter users හරහා malware Ad ක්ලික් කිරීම මගින් සහ සෘජු පණිවිඩ ක්ලික් කිරීම මගින් ඇතුළත් වීමෙන්.

වයිරස් ආසාධනය වන ක්‍රම

▶E mail හරහා

මේකෙදි ඔයා දන්න බැංකුවක් ලෙස, යම් නිල සංවිධානයක් ,ප්‍රසිද්ධ වෙලද නාමයක් ලෙස පෙනී ඉදිමින් E mail එවනු ලබනවා.විවිධ රූප, භාගත කල හැකි ඇමුණුම් මගින් පොලඹවාගෙන මේ වයිරස ඇතුලත් කරනු ලබනවා.

▶Removable storage හරහා

වයිරස මුලින්ම පැතිරීම ආරම්භ වුණේ මේ විදියටයි. මේක flash drives, CD DVD හරහා පැතිරෙන්න පුලුවන්. ඒ නිසා පරිගණකයේ ලිපිගොනු විවෘත කරන්න කලින් anti virus software එකක් මගින් scan කර විවෘත කරන්න.

ආරක්ශිත වෙන්නේ කොහොමද ? 9999

▶ගුණාත්මක Anti virus Software භාවිතා කිරීම
▶විශ්වාසදායක වෙබ් අඩවි හරහා පමණක් මෘදුකාංග භාගත කිරීම
▶නොදන්නා E mail විවෘත කිරීමෙන් වැළකීම
▶තිරයේ ඇති විවිධ Ad වලට පිව්සීමෙන් වැළකීම
▶තම පෞද්ගලික තොරතුරු විශ්වාස නොවන web sites තුළ ලියාපදිංචි කිරීමෙන් වැළකීම

WRITTEN BY Chamika sahan samarakoon