Categories

ආරක්ෂාවට මුල් තැන දුන් Brave බ්‍රව්සරයට මිලියන 50ක පරිශිලකයන්.

Blockchain මත පදනම් වූ Brave බ්‍රවුසරය ප්‍රධාන සන්ධිස්ථානයක් තබමින් මාසිකව ක්‍රියාකාරී පරිශීලකයන් 50.2m පසුකර ඇති බව පැවසේ.

2019 ඔක්තෝම්බර් මාසයේදී Brace මාසික සක්‍රීය පරිශීලකයින් මිලියන 8 ක්, එම වසරේ දෙසැම්බර් මාසයේදී 10m සහ 2020 මාර්තු මාසයේදී 12m වෙත ළඟා වි ඇත. මෙයින් අදහස් කරන්නේ පසුගිය මාස 21 තුළ මාසික ක්‍රියාකාරී පරිශීලකයින් සංඛ්‍යාව 318.4% කින් වර්ධනය වී ඇති බවයි.  

Brave බ්‍රවුසරයට දැන් දෛනික ක්‍රියාකාරී පරිශීලකයින් මිලියන 15.5ක් ද ඇත.

2016 දී දියත් කරන ලද, Brave බ්‍රව්සරය පුද්ගලිකත්වය සහ ආරක්‍ෂාාව හොදම තත්වයෙන් ලබාදෙන, ට්‍රැකර් අවහිර කිරීම සහ වෙබය පුරා පරිශීලකයින්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන තෙවන පාර්ශවීය කුකීස් ලබා දීම මගින් කාලයත් සමඟ වඩාත් ජනප්‍රිය වී ඇත. විවිධ ආකාරයේ දැන්වීම් සහ කුකීස් වල සිට Facebook වැනි වෙබ් අඩවි වල පිවිසුම් බොත්තම් දක්වා අවහිර කිරීමට අවශ්‍ය දේ තේරීමට වැනි පහසුකස් භාවිතා කිරිමට පරිශීලකයින්ට ඉඩ දෙයි .

නොවැම්බර් මැද භාගයේදී, Brave විසින් Brave Wallet ලබාදෙන ලදී, එය ගොඩනඟන ලද crypto wallet එකක් වන අතර එමඟින් පරිශීලකයින්ට ඔවුන්ගේ crypto Portfolio එක මුදල් පසුම්බියකින් ගබඩා කිරීමට, කළමනාකරණය කිරීමට සහ හුවමාරු කර ගැනීමට හැකි වේ. එය බ්‍රවුසරයට ආවේණික වන අතර, ආරක්ෂක අවදානම් අවම කිරීම සහ අමතර CPU සහ මතකය මත රඳා පවතී .