Categories

Image Candy photo editing tools

කිසිදු මුදලක් අය නොකර photo editing features රාශියක් ලබා දෙන photo editing software විශාළ ප්‍රමාණයක් අන්තර්ජාලය තුළ තිබෙනවා. එහෙත් මේවා භාවිතා කරනකොට නිරන්තරයෙන් pop up play වීම, අනිවාර්‍යන් sign up වීම, upload limit, editng isuue, features limit වැනි ගැටළු රාශියකට අපි මුහුණ දෙනවා. ඒකට හොදම විසදුම තමා මේ Image Kandy.

 

 WHAT IS THE IMAGE CANDY ?

 

Image Candy කියන්නේ online photo editing web site එකක්. මේක නිර්මාණය කරන්නේ Icecream Apps team එකයි. ඔවුන් ප්‍රසිද්ධ වෙන්නේ 2016 දී නිකුත් වූ PDF candy සමගයි. පසුව ඔවුන් Video Candy නිකුත් කළ අතර දැන් 2022දී ඔවුන් Image Kandy නිකුත් කරනු ලැබුවා.

මෙම Image Candy විශේශ වන්නේ එමගින් විශේශාංග විශාළ ප්‍රමාණයක් නොමිලේ භාවිතා කිරීමට හැකි නිසායි. ඉතින් බලමු මේ Image Candy ගැන….

 

 

පැහැදිලි සහ user friendly Interface එක

මේ Image candy web site එකට ගියාම ඔයාට සරල පැහැදිලි interface එකක් බලාගන්න පුලුවන් වගේම සියළුම image editing tools එක page එකක දැකගන්න පුලුවන් වෙනවා. ඒවගේම ඔවුන් ඒ tools සදහා සරල icons භාවිතා කර තිබෙනවා වගේම home page හරහා පහසුවෙන් ඒ සියළුම tools වෙත ලගා වීමේ හැකියාව ඔයාට හිමි වෙනවා.

 

අවුල් නැති විවිධ ආකාරයේ features 

සාමාන්‍යයෙන් කෙනෙක්ට විවිධ photo editing සදහා(image එකක් crop කරන්න, image එකක bbackground ඉවත් කරන්න, විවිධ shapes එකතු කරන්න වගේ) විවිධාකාරයේ tools අවශ්‍ය වෙනවා. ඉතින් Image candy එවැනි විවිධ features 15කින් සමන්විත වෙලා තියෙනවා.

 

 

IMAGE CANDY EDITING TOOLS 

 

  • Image Converter
  • Resize Image
  • Compress Image
  • Remove Background
  • Image to PDF
  • Rotate Image
  • Flip image
  • Crop image
  • Add text
  • Watermark Image
  • Meme Generator
  • HEIC to JPG
  • DPI converter
  • Image to Text
  • Video to GIF

 

 

සෑම කෙනෙක්ටම මෙම features සියල්ල 100% නොමිලේ භාවිතා කරන්න හැකියාව තිබෙනවා. ඒ වගේම කිසිම Ad එකක්, time limit එකක් හෝ වෙනත් කිසිම limit එකක් මෙය තුළ ඇතුළත් නැහැ. අඩුම ඔවුන් water mark එකක්වත් මෙයට ඇතුළත් කරලා නැ.

ඒවගේම තමා මෙම IMAGE CANDY පරිගණකයෙන් වගේම ස්මාර්ට් ෆෝන් එකෙනුත් භාවිතා කරන්න අවස්ථාව ලැබෙනවා.

 

ඉතින් උත්සහා කරලා බලන්න  IMAGE CANDY

 

source :

BEEBOM

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.