Categories

ප්‍රචණ්ඩත්වය හා දුරාචාරය පතුරවන බව පවසමින් තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ PUBG සහ TikTok තහනම් කරයි

තරමක් උපහාසාත්මක තීරණයක් ලෙස පෙන්නමින් සටන්කාමී තලේබාන් කණ්ඩායම  ඇෆ්ගනිස්ථානයේ PUBG: Battlegrounds හා Tiktok තහනම් කිරීමට සූදානම් වෙනවා. ඊට හේතු ලෙස ඔවුන් දක්වන්නේ ප්‍රචණ්ඩත්වය හා තරුණයන් නොමග යැවීමයි.

එක්සත් ජනපදයේ අනුග්‍රහය ලත් එරට රජය බිදවැටීමෙන් හා ඇමරිකානු හමුදාඉවත් කර ගැනීමෙන් පසු නැවත බලයට පත් තලේබාන් විසින්  තහනම් කිරීම් රැසක් පනවනු ලැබුවා.

ඒ අතර අසභ්‍ය අන්තර් ගතයන්ගෙන් යුත් musoc,movies, tv channels හා මිලියන 23කට වැඩි වෙබ් අඩවිත් ඇතුලත් වනවා.

PUBG සහ TikTok ඇෆ්ගනිස්ථානයේ තරුණයින් “නොමඟ යවමින්” මෙහෙයවීම නිසා තහනම් කිරීමේ තීරණය අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අතර PCGamer සඳහන් කරන්නේ ඇෆ්ගනිස්ථානයේ විදුලි සංදේශ අමාත්‍යාංශයේ ෂරියා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙකු සහ ආරක්ෂක නියෝජිතයන් අතර මෑතකාලීන රැස්වීමක ප්‍රතිඵලයක් ලෙස ඉදිරි දින 90 තුළ PUBG තහනමක් ක්‍රියාත්මක කිරීමට තීරණය වූ බවත් ඉදිරි මාසය ඇතුලත TikTok  ද තහනම් කරන බවයි.

රටේ විදුලි සංදේශ සහ අන්තර්ජාල සේවා සපයන්නන්ට දන්වා ඇත්තේ  PUBG තහනම ප්‍රධාන වශයෙන් එහි ජංගම අනුවාදය ඉලක්ක කර ගෙන ඇති බව සහතික කරන ලෙසයි.

TikTok සහ PUBG මෑතකදී වැඩි වඩාත් ජනප්‍රිය වී තිබුණේ තලේබාන් විසින් අනෙකුත්  විනෝදාස්වාදයන් තහනම් කිරීම හේතුවෙන්. මිලියන 39 ක් වන ඇෆ්ගනිස්ථානයේ ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ වයස අවුරුදු 25 සහ ඊට අඩු අය බව BBC සඳහන් කරනවා. ඒ අනුව වසර ආරම්භයේදී  ක්‍රීඩකයින් 100,000ක් පමණ PUBG වෙත ලොග් වී තිබුණා.
එයින් සදාචාරාත්මක භීතියක් ඇතිවනු ඇතැයි පවසමිනුයි ඔවුන් මෙම තීරණයට යොමු වී තිබෙන්නෙ.

කෙසේ නමුත් මෙම යෙදුම් තහනම් කල එකම රට ඇෆ්ගනිස්ථානය නොවන්නේ PUBG සහ TikTok   චීනයට සම්බන්ධ බව පවසිමින් 2020 දී ඉන්දියාව මෙම ඇප් තහනම් කිරීම නිසායි. එමෙන්ම මෙම ඇප් එරට තහනම් කල ඇප් සිය ගණනකින් දෙකක් පමණයි.
තහනම් කිරීමට ඔවුන්ද හේතු ලෙස දැක්වූයේ මෙම යෙදුම් “ඉන්දියාවේ ස්වෛරීත්වයට සහ ඒකාග්‍රතාවයට, ඉන්දියාවේ ආරක්ෂාවට, රාජ්‍යයේ සහ මහජන සාමයේ ආරක්ෂාවට අගතියක් වන ක්‍රියාකාරකම්වල යෙදී සිටින” බවයි.
එසේම පකිස්තානය ද PUBG තහනම් කර තිබුනේ ලමයින් එයට ඇබ්බැහි වන බව හා එයින් අයහපත් බලපෑම් ඇති කරන බව පවසමින්.

source –techspot

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.