Categories

කාමර තුල සැගවූ Spy camera හදුනා ගැනීමට Oppo ගෙන් විශේෂාංගයක්…!

Oppo විසින් මැතකදි ColorOS 12 සමඟින් එන Find X5 series එක චීනයේ හා ගෝලීය වෙලඳපොලවල නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. Android 12 පදනම් වූ ColorOS 12 skin සදහා දැන් සිත්ගන්නා විශේෂාංගයක් ලැබී තිබෙනවා. එනම් කාමරයක සැඟවුණු කැමරා හඳුනා ගැනීමට පහසුකම් සලසන app එකක් හදුන්වා දීමයි.

Oppo මේ සදහා Hidden Camera Detection App එකක් නිකුත් කල අතර මෙය දැනට චීනයේ find X5 හා Find X5 Pro සදහා පමණක් ලබාගත හැකිවෙනවා.
කො⁣හොම උනත් ඉදිරි සති තුලදී තවත් devices සදහා මේ විශේෂාංගය රැගෙන එන බව Oppo විසින් තහවුුරු කර තිබුණා.

විශේෂාංගය යෙදුමක් හරහා ක්‍රියා කරන අතර පුද්ගලික කාමරයක හෝ ප්‍රදේශයක සැඟවිය හැකි Wi-Fi මත පදනම් වූ Spy Camera හඳුනා ගැනීමට පරිශීලකයන්ට ඉඩ සලසනු ලබනවා.

ඇප් එකෙහි ක්‍රියාකාරීත්වය සැලකුවහොත් එය ධාවනය කිරිමට ColorOS 12.1 අවශ්‍ය වනවා.

යෙදුම ස්ථාපනය කළ පසු, සගවා ඇති කැමරාවේ හෝ කැමරාවන්හි Wi-Fi සංඥා හඳුනා ගැනීමට ඔවුන්ගේ Wi-Fi සහ හොට්ස්පොට් අක්‍රිය කිරීමට මෙන්ම බොහෝ Wi-Fi කැමරා රාත්‍රී දර්ශනය සඳහා භාවිතා කරන අධෝරක්ත (IR) ආලෝකය හඳුනා ගැනීමට, කාමර ලයිට් නිවා දැමීමටද යෙදුම මගින් පරිශීලකයින්ට උපදෙස් ලබාදෙනු ලබනවා.

Spy කැමරාවක් සොයාගත් පසු යෙදුම Hot and Cold සංඥා ලබා දෙන අතර එමගින් කැමරාවට ඉතා ආසන්න බව හෝ දුරින් බව දැනගැනීමට පරිශීලකයන්ට හැකි වනවා

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.