Categories

Google විසින් රුසියාවේ youtube සහ play store payments නතර කරයි

google විසින් රුසියාවේ youtube සහ play store ගෙවීම් නතර කර තිබෙනවා. මේ හේතුවෙන් රුසියානු පරිශීලකයන් හට ක්‍රීඩා සහ යෙදුම් මිලදී ගැනීමට, subcription සදහා ගෙවීමට, in app purchases සදහා හැකියාව අහිමි වී තිබෙනවා.

 ගෙවීම් පද්ධතිය කඩාකප්පල් වීම හේතුවෙන් Google විසින් Play store බිල්පත් පද්ධතිය මාර්තු 10 වනදා සිට අත්හිටුවා තිබෙනවා. එහෙත් රුසියානු පරිශීලකයින්ට තවමත් නොමිලේ යෙදුම් සහ ක්‍රීඩා බාගත කළ හැකි බව ඔවුන් සදහන් කර තිබෙනවා.

එසේම දැනට පවතින subcription ඉවත් නොකරන නමුත් ඒවා අවසන් වූ පසු ඒවා අලුත් කළ නොහැකි බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

youtube විසින්ද රුසියාවෙ සියලු ගෙවීම් ක්‍රම නතර කර තිබෙනවා. youtube premium, Channel Memberships, Super Chat සහ merchandise sales යන ඒවා youtube විසින් අත් හිටුවා තිබෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.