Categories

ලොව පුරා අන්තර්ජාල සම්බන්ධතා බිද වැටෙයි 

ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ මුහුද යට ඇති cable කිහිපයකට හානි සිදු වීම නිසා මේ වනවිට ලොව පුරා අන්තර්ජාල සම්බන්ධතා බිද වැටී තිබෙනවා. කෙසේ වෙතත් ඉංජිනේරුවන් විසින් දැනට හානියට පත් වුණු එක් cable එකක් යථා තත්වයට පත් කර තිබෙන අතර පරීක්ශණ තවදුරටත් සිදු කරමින් සිටිනවා. ඔවුන් විසින් රුසියා යුක්‍රේන ගැටුම් නිසා රුසියානු සබ්මැරින වලට චෝදනා එල්ල කළත් මෙයට නිවැරදි සාක්ශියක් තවමත් සොයාගෙන නැහැ.

ගිය බදාදා රාත්‍රියේ මෙලෙස මුහුද යට ඇති ෆයිබර් කේබල් 3කට පමණ හානි සිදු වීම නිසා යුරෝපයේ, ආසියාවේ සහ එක්සත් ජනපදයේ පරිශීලකයින් සඳහා අන්තර්ජාල ප්‍රවේශය මන්දගාමී කරමින් විශාල බලපෑමක් ඇති කර තිබෙනවා. ක්ලවුඩ් ආරක්ෂණ සමාගමක් වන Zscaler හි වාර්තාවකට අනුව, අනපේක්ෂිත කේබල් හානි නිසා packet loss සහ බලපෑමට ලක් වූ මාර්ග හරහා ගමන් කරන වෙබ් අඩවි සහ යෙදුම් සඳහා ප්‍රමාදය වැඩි වීමක් සිදු වී තිබෙනවා. එසේම Zscaler සමාගම විසින් දැනට broken link තුනක් හඳුනාගෙන තිබෙනවා. Marseille-Lyon, Marseille-Milano සහ Marseille-Barcelona.

පසුව Zscaler විසින් තහවුරු කලේ දැනට එක cable එකක් සවි කළ බවත් මුහුද යට ඇති අනෙකුත් හානි වූ cable සෙවීමට තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක බවත් ය.

 

source

TECHSPOT

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.