Categories

විදුලි වාහන ධාවනය වන අතරතුර Charge කලහැකි පලමු මාර්ගය ඇමරිකාවෙන්.

 

මෙලෙස electric vehicle ධාවනය කරන අතර තුර ආරොපණය කලහැකි පලමු මාර්ගය ඇමරිකාව තුල ඊලග වසරේදී ආරම්භ කිරීමට සූදානම් වනවා.

මෙලෙස රැහැන් රහිතව EV(Electric Vehicle) ආරොපණය කලහැකි දැවැන්ත අධිවේගී මාර්ග ඉදිකිරීමට යන පිරිවැය අධික නමුත් මාර්ග තදබද අධික අවස්ථාවල ඉන්ධන ගැටලු ඇති අවස්ථාවල මෙය වඩාත් සුදුසු පද්ධතියක් වනවා ඇති.

මෙම මාර්ගයේ ආරම්භක වැඩකටයුතු සැලසුම් කරල තිබෙන්නෙ ඊශ්‍රායල සමාගමක් වන Electron සමාගම. නියමු ව්‍යාපෘතිය ලබන වසරේ මිචිගන් ප්‍රාන්තයේ ඩෙට්‍රොයිට් හිදී අවසන් කිරීමට නියමිත වන අතර එය මුලින් සැතපුමක් පමණ දිගකින් යුක්ත වනවා.

මේ මාර්ගය ක්‍රියා කරන්නෙ charging coils වලින් යුක්ත වුන භූගත ජාලයක්, බලශක්ති ප්‍රභවයකට සම්බන්ධ වීමකින්.
ඒ වගේම EV වලට ඒව මතින් ධාවනය කරන විට ආරොපණයවීමට Reciever හෙවත් ග්‍රාහකයක් තිබීම අවශ්‍ය වනවා.
ඔයාලට හිතනව ඇති එහෙනම් මේ පාරෙ ඇවිදන් යන සත්තුන්ට මිනිස්සුන්ටත් කරන්ට් එක වදිනව ඇති කියල. ඇත්තෙම්ම නැහැ. ක්‍රියාකාරී ග්‍රාහකයක් නොමැතිව පද්ධතිය විදුලිය විමෝචනය කරන්නෙ නැති නිසා විදුලි සැර වැදීමක් සිද්ද වෙන්නෙ නැහැ.

මේ සෑම දඟරයක්ම මොඩියුලර් ලෙස ජාලයට තනි තනිව සම්බන්ධ කර ඇති බැවින් කුඩා පලුදුවක් ඇති වුවත් එයින් මුළු ආරොපණ පද්ධතියටම බලපෑමක් සිද්ධ වෙන්නෙ නැහැ.
මේකෙදි සැතපුමකට වන ආරෝපණය රඳා පවතින්නේ වාහනය මත හා එය කෙතරම් වේගයෙන් යනවාද යන්න මත. කෙසේ නමුත් දැනට මාර්ගය බැටරියක් සම්පූර්ණයෙන් ආරොපණය කරන්නේ නැහැ, විශේෂයෙන් ආරොපණ මධ්‍යස්ථානයක් අවශ්‍ය මොාහාතකදී එහි ලගාවීමට තරම් ආරොපණයක් මෙයින් ලබාදෙනු ඇති.
ගෙවීම සදහා ග්‍රාහකයින්ට ටැබ් එකක් සවිකල හැකි අතර එමගින් අදාල ගාස්තුව පසුව ගෙවීමට හැකි වනවා.
Electreon නියෝජිතයන් කියා සිටින්නේ බස් මාර්ග මෙම ආරෝපණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට හොඳ ස්ථානයක් වනු ඇති බවයි.
මන්ද රථවාහන තදබදයක් ඇති ප්‍රදේශ වලදී ඔබේ වාහනය තදබදයේ රැඳී සිටින විට ආරෝපණය කිරීමට අවශ්‍ය තරම් කාලය ඇති බැවින්.

මේ අදහස ලොජිටෙක් වල පවර්ප්ලේ පද්ධතියේ සුපිරි version එකක් වගෙ මොකද ඔවුන්ගේ mouse pad භාවිතා කරන අතරතුර රැහැන් රහිත Mouse එකක් ආරෝපණය කිරීමට ඉඩ සලසන නිසා.

ඉතින් මේ අදහස ගැන ඔයාලගෙ අදහසුත් පහලින් දක්වගෙන යන්න…

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.