Categories

Heart rate එක Track කරන අලුත්ම Smart Bulb එක

Smart lighting කම්පැනියක් වන Sengled Ces 2022දී නව නිශපාදනයන් පෙලක්ම ඉදිරිපත් කර තිබුණා.

එයින් වඩාත්ම සිත් ඇදගන්නා නිශ්පාදනය විදියට
Smart health Monitoring බල්බ් එක හදුන්වන්න පුලුවන්.

Sengled එක ගැන කතා කරොත් ඔවුන් මී⁣ට පෙර Smart Homes සදහා wifi හා bluetooth සම්බන්ධ බල්බ් ඇතුලුව විවිද බල්බයන් නිපදවනු ලැබු සමාගමක්.
එහි Hub එකක් සමග ක්‍රියා කරන Zigbee ස්මාර්ට් බල්බයන් Alexa,Google,Apple Homekit හා Samsung SmartThing සමගින් අනුකූල වනවා.

නවතම Wifi බල්බ Hub නොමැතිව ක්‍රීයා කරන අතර Alexa,Google… වැනි platform සදහාත් සම්බන්ධ කරගැනීමට හැකියාව පවතිනවා.
නමුත් නව නිශ්පාදනයක් වන Bluetooth බල්බ දැනට ක්‍රීයා කරන්නේ Alexa සමග පමණකි.

 

සමාගම ඉහළ වර්ණ විදැහුම්කරණ දර්ශකයේ පලමු තැන සිටින්නේ CRI 90 තබාගනිමින්.

( CRI යනු ආලෝක බල්බයක් කොතරම් හොදට වර්ණය ප්‍රතිනිෂ්පාදනය කරනවාද යන්න පිළිබඳ මිනුමක්. එලෙසම CRI 100 න් සැබෑ වර්ණය පෙන්වනු ලබනවා.)

ඉතින් අපේ මාතෘකාව පැත්තට හැරුනොත් Smart Health Monitoring Light එක රේඩාර් තාක්‍ෂණය භාවිතයෙන් ගොඩනඟන ලද සෞඛ්‍ය නිරීක්ෂණ සහිත ද්විත්ව Wi-Fi / Bluetooth බල්බයක්. එයින් ඔබගේ නින්ද ,හෘද ස්පන්දන වේගය හා ශරීර උෂ්ණත්වය වැනි ඇතැම් ජෛවමිතික මිනුම් වගේම අනෙකුත් වැදගත් සලකුණු නිරීක්ෂණය කරනවා.

බල්බයට තනිව ක්‍රියා කළ හැකි නමුත් Bluetooth network එකකට connect උන බල්බයන් වැඩි ගණනක් මිනිස් හැසිරීම් හදුනා ගැනීමට පහසු ලෙස Virtual Map එකක් නිර්මාණය කරනු ලබනවා.
කිසිවකු බිම ඇද වැටුනහොත් එය පවා හදුනා ගැනීමට මෙයට පුලුවන්.

නිෂ්පාදනය තවමත් සංවර්ධනය වෙමින් පවතින නිසා මිලකරණය වැනි විස්තර හිඟ නමුත් ඔවුන් පැවසුවේ එය 2022 සිව්වන කාර්තුවේදී නිකුත් කිරීමට නියමිත බවයි.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.